18 Mar

මාධ්‍යට රහක් ඇතේ – අපිට මෙලෝ රහක් නැතේ

මෑත කාලයේ ටෙලි නාට්‍ය සංකල්පය තුළ විශාල පෙරළියක් කරමින් විවිධාකාර තේමාවන් අරමුණු කොට ගත් නාට්‍ය රැල්ලක් බිහි විය. හිරු,සඳ,තරු,මල් යන සියලුම පද ගලපමින් ගොඩ නැගෙන මෙම නාට්‍ය වටා එක් රැුස් වන අපේ පේ‍්‍රක්ෂයන් ද එයට දැඩි ලෙස අකාර්ෂණය වන යුගයක මෙම ටෙලි නාට්‍ය….

මාධ්‍ය තුළ ප‍්‍රධාන බලවේගයක් බවට පත් විය. ඒකාකාරි සංකීර්ණ ජීවන රටාව තුළ තරග කරන පුද්ගලයන්ගේ මනස සංසිදවා වින්දනයක් ලබා දීම මාධ්‍යයේ අරමුණක් වනු ඇත. එය එසේ ද විය යුතුය. නමුත් එම වින්දනය ශිෂ්ට සම්පන්න විය යුතුය.

සොදුරු පේ‍්‍රමාන්විත තේමාවන් නම් කළද එහි අන්තර්ගතය කෙතෙරම් දුරට පේ‍්‍රමනීය ද යන්න මේ දිනවල විකාශය වන ටෙලි නාට්‍ය වෙත අවධානය යොමු කිරීමේදි ප‍්‍රශ්නයක් ගොඩ නැගෙනු ඇත. එහි දී පේ‍්‍රක්ෂයාගේ වින්දනය යන අභිමාතාර්ථය ඉටු වන්නේද යන්න සැක සහිතය. විවිධ තේමාවන් හරහා ගොඩ නැගෙන කතා පුවත් ඔස්සේ සමාජයට නොගැලපෙන අරක්කු හා සිගරට් දර්ශන නිරූපණය කිරීම තුළින් පේ‍්‍රක්ෂක රසවින්දනය නොමග යවනු ඇත. මෙම කාල වකවානුවේ දැඩි ලෙස පේ‍්‍රක්ෂක ආදරය දිනා ගත් ටෙලි නාට්‍යයකි සඳා. පේ‍්‍රමය නම් සඳ එළිය යන තේමා පාඨ මතු කරමින් සොදුරු අන්ධ ගැහැණු ළමයකු වටා ගොඩ නැගුණු අපූර්ව නාට්‍යයක් වනු ඇත. නමුත් එම සඳ එළිය කෙතෙරම් දුරට විහිදී යන්නේද යන්න එහි රඟන කලාවේ සොදුරු මිනිසුන්ගේ කි‍්‍රයා කලාපය අනුව පැහැදිලි වේ. එහි බොහෝ දර්ශන වල ලංකාවේ සුපිරි යැයි කිව හැකි රංගන ශිල්පීන් විසින් මත්පැන් ප‍්‍රචාරක දර්ශනයකට සහභාගි වී සිටින්නේද නැත්නම් මෙම ටෙලි නාට්‍යයේ දර්ශනයක පෙනී සිටින්නේද යන්න සැක සිතන තරමටම බහුල ලෙස එම දර්ශනයන්් නාට්‍ය තුළ ට අන්තර්ගත කොට තිබේ. පේ‍්‍රක්ෂකයන් බොහොමයක් පිරිසක් එක් රැුස් වන කාල පරාසයන් තුළ සිගරට් හා අරක්කු නිරූපණය වන දර්ශන ඉදිරිපත් කිරීම හරහා මාධ්‍ය කුමන කර්තව්‍යයකට අර අදින්නේද යන්න විමසිය යුතු වේ. විශේෂයෙන්ම එහිදී මෙම දර්ශන ඇතුළත් කරමින් මෙම භාවිතාවන් දැඩි ලෙස අතිශෝක්තියෙන් පෙන්නුම් කිරීමට යොදා ගෙන ඇති රංගන ශිල්පියා කෙරෙහිද අවධානය යොමු වේ. මේ දිනවල වෙනත් නාලිකා වල පවා විකාශනය වන විවිධ ටෙලි නාට්‍ය වල මෙවැනි දර්ශන සඳහා වැඩි වශයෙන් දැක ගත හැකි වන්නේද ගිරිරාජ් කෞශල්‍ය නම් අපූර්ව රංගවේදියාගේ අශෝභන හැසිරීම් විලාසයන්ය. ඒ සදහා ඔහුටම ආවේණික භාෂා විලාසයක් ද ඉදිරිපත් කරමින් විටක හාස්‍ය ද එක් කරමින් සරලව කිව හොත් ඇඟ ට පතට නොදැනි පේ‍්‍රක්ෂකයාව ග‍්‍රහණය කර ගැනීමට හැකි ඉඩ කඩක් ඔහු නිර්මාණය කරවයි. කනවා, කනවා ,බොනවා ,බොනවා යන්න මුළු නාට්‍යයේම ප‍්‍රධාන තේමාව කරන්නට දරන උත්හාසය කෙසේදැයි සිතා ගත හැකිවේ. ඔහුගේ අතිශය ආකර්ෂණීය රංග ක‍්‍රමවේදය සෑම නාලිකාවකම දිස් වන්නේ කෙසේදැයි ප‍්‍රශ්නයක් නැගෙන්නේ ද මේ නිසාවෙනි. රසවින්දනය පවා මුදලට විකිණෙන යුගයක රංගන ශිල්පීන් ද විවිධ සමාගම් වල ප‍්‍රචාරක අවි ලෙස ග‍්‍රහණය වන්නේ යැයි පැහැදිලි වේ.

 
සමාජයේ සෑම කොට්ඨාශයකම ඉතා කෙටි කාලයක් තුළ ක්‍ෂණිකව ග‍්‍රහණය කළ හැකි මෙම කාල පරාසය තුළ මෙවැනි රංගයන් ඇතුළත් කිරීම තුළින් පේ‍්‍රක්ෂකයා නොමග යවන ටෙලි නාට්‍ය බවට මෙවන් නාට්‍ය පත්ව තිබේ.මෙවැනි ටෙලි නාට්‍යයක් දිනකට විනාඩි 30 ක වැනි කාල පරාසයක් තුළ විකාශය වේ. ඒ තුළිනුත් වෙළඳ දැන්වීම් සඳහා විනාඩි 10ක පමණ හෝ කාලයක් ගත කළ පසු ඉතිරි වන්නේ විනාඩි 20 ක් වැනි සුළු කාලයකි. එම කුඩා කාල පරාසය තුළ මෙවැනි දර්ශන ඇතුලත් රූප රාමු විනාඩි 05-10 ත් අතර විකාශය වීමෙන් ටෙලි නාට්‍යයේ අරමුණ කුමක් ද එහි රසාස්වාදය කුමක් ද යන්න ගැටලුවකි. නිර්මාණ විවිධාකාරයෙන් ඉදිරිපත් වුවද එනම් යම් යම් අශෝභන විලාසයන් ප‍්‍රතික්‍ෂ්ප කරන රූප රාමුද අඩු වශයෙන් එකතු කරමින් නිරූපණය කළ ද එය නිවාරණ ක‍්‍රම වේදයක් කියා වගකිව යුතු පුද්ගලයන් ඔවුන්ගේ නිර්මාණයන් සාධාරණීකරණය කරනු ඇත. නමුත් නිවාරණ ක‍්‍රමවේදයක් කියා අතිශය ලෙස යම් යම් දේ ඉදිරිපත් කළ ද එහි අවසාන ප‍්‍රතිඵලය ප‍්‍රචාරණයක් වීමට ඇති ප‍්‍රවණතාවය වැඩි වනු ඇත. මෙවැනි කි‍්‍රයා කලාපයන් ඉස්මතු කරමින් ගොඩ නැගෙන චරිත වල ව්‍යංගාර්ථව දිග හැරෙන ගනුදෙනුව කුමක්ද යන්න බුද්ධිමත් පේ‍්‍රක්ෂකයා වටහා ගත යුතු වේ.

මෙම මාධ්‍යයන් ඔස්සේ සමාජයේ සෑම කොට්ඨාශයම ඉලක්ක කොට ගෙන නිර්මාණය වන බැවින් ග‍්‍රහණයද එසේ වනු ඇත. විශේෂයෙන්ම කුඩා දරුවන් මෙම අර්ථයන් ඔස්සේ සිය සිතුවිලි ,ආකල්ප වල පරිවර්තනයකට සෘජුව හසු වීමට ඇති අවකාශයන් වැඩි වේ. සදා පේ‍්‍රමයේ සඳ එළිය වුවද සඳා කියූ සැනින් මනසේ චිත‍්‍රනය වන්නේ සඳා නොව සමහරක් රංගන ශිල්පීන්ගේ අශෝභන කතා විලාසයන්ය. දිනපතා දිග හැරෙන මෙම ටෙලි නාට්‍ය මගින් පේ‍්‍රක්ෂකයාට මාධ්‍ය විසින් ලබා දීමට අරමුණු කරන සාධකය කුමක්දැයි මාධ්‍යයෙන් විමසිය යුතු වේ.වින්දනය යන්න ඔවුන්ට දිය හැකි උපරිම පිළිතුර වනු ඇත.එම වින්දනයේ ශිෂ්ටත්වයේ විලාසය කෙසේදැයි මාධ්‍යයට නැවත සිතිය වනු ඇත. නමුත් බුද්ධිමත් පේ‍්‍රක්ෂකයන්ට නම් මෙම වින්දනය මෙලෝ රහක් නැති වින්දනයක් බව ද කිව යුතුම වේ.