28 Jan

මහන්සියට කියලා….

මත්ද්‍රව්‍ය භාවිතා කරන බොහෝ දෙනෙක් සිය භාවිතය සාධාරණීකරණය කිරීමට කියන ප‍්‍රබල කාරණයක් තමයි ඇෙඟ් මහන්සියට ඒවා භාවිතා කරනවා කියලා කියන එක. ඇත්තටම ඕනෑම මත්ද්‍රව්‍යක් භාවිතා කිරීමෙන් අනතුරුව අෙඟ් මහන්සිය අඩු වෙනවාද? නැතිවෙනවා ද? මේක හොයලා බලන්න ඕන කාරණයක්. සමහර අරක්කු බොන කෙනෙක් මහන්සි වෙලා වැඩ කිරීමෙන් අනතුරුව මද්‍යසාර භාවිතය සිදුකිරීම හුදු පුරුද්දක් හා සමාජගත ගොඩනැගු සම්ප‍්‍රදායක් විනා කිසිදු විද්‍යාත්මක පදනමක් ඇති එකක් නොවේ. ඔනෑම ආකාරයක මත්ද්‍රව්‍යක් ශරිර අවපීඩක වන අතර උත්දීපනය කරන ද්‍රව්‍යන් නොවේ, එය විද්‍යාත්මකව සොයාගෙන ඇති සත්‍යයි. එහෙත් භාවිතා කරන්නන් ගේ භාවිතයෙන් පසු හැසිරීම් හා ඒ හා බැඳුනු විවිද කතා විද්‍යාත්මක ඉගාන්වීමට සම්පූර්ණයෙන්ම පටහැනිය.

ඔනෑම මත්ද්‍රව්‍යක් ඇගේ මහන්සිය විඩාව මගහරින්නට සමත් යැයි කියනවා නම් එහි සත්‍ය අසත්‍ය බව සොයාගැනීමට සරල පරීක්ෂණයන් සිදුකල හැකිය. ඇෙඟ් මහන්සියට කියා බොන අය භාවිතයෙන් පසු සිදුකරන හැසිරීම් නිරීක්ෂණය, කිසිදු මහන්සියක් නොමැතිව වුවද මත්ද්‍රව්‍ය භාවිතයේ යෙදී සිටින අය මෙම අවස්ථා දෙක පැහැදිලිව හඳුනාගෙන අරක්කු හෝ වෙනයම් මත්ද්‍රව්‍යක් ප‍්‍රමාණාත්මකව වෙනස්ව භාවිතා කරනවාද යන්න සොයාබැලීම කල හැකිය. තවද හොඳින් අධ්‍යනය කලහොත් මහන්සි වී වැඩ කරන හෙරොයින් භාවිතා කරන පුද්ගලයන් බර වැඩවල නිරත වෙන ගමන් හෙරොයින් භාවිතා නොකරයි. වැඩ අවසානයේ විවේකීව ඒවා භාවිතා කර සිටියාට වඩා අපහසුවෙන් කඳුළු, හොටු පෙරාගෙන තැන තැන වැටී සිටින්නේ ඇයි? ඇෙඟ් අමාරුව හෙරොයින් භාවිතයෙන් අනතුරුව නැති වී නම් ඔවුන් හොඳින් කෙලින් සිටිය යුතුය. මත්ද්‍රව්‍ය වල අපහසුව කිසිදු ආකාරයකින් වෙනස් නෙවේ එය භාවිතා කරන අවස්ථාව හා භාවිතා කරන්නන්ගේ අපේක්ෂාව පමණක් එකිනෙකට වෙනස් වන බව කිවහැකිය.

ඇෙඟ් මහන්සිය අඩුවෙන්න බීපු අය පහුවදාට වෙනදාටත් වඩා අපහසුවෙන් ඉන්න හැටි අපි මේ සමාජායේ දී ඔනෑතරම් දැක ඇත. එමනිසා මිනිසුන් ඉගෙනගත යුතු පරම සත්‍ය මත්ද්‍රව්‍ය වලින් ඇෙඟ් මහන්සිය අඩු කිරීමට හැකි කිසිදු දෙයක් නොමැති බව හා දීර්ඝ කාලීන ඉගැන්වීමක ප‍්‍රතිඵලයක් ලෙස තවදුරටත් මෙම බොරුවට මිනිසුන් ඇන්දීම සිදුවන බවයි.