12 Jun

මද්‍යසාර කර්මාන්තයේ නව ප‍්‍රවණතා – 01 කොටස

සිගරට් කර්මාන්තයට වඩා වෙනස්කම් ද සමානකම්ද මෙහිදී දැකිය හැකි අතර ලොව පුරා සිගරට් කර්මාන්තයට වඩා පහසුවෙන් සිය ව්‍යාපාර කටයුතු කරගෙන යනු ලබයි. ලෝකයේ සිගරට් සම්බන්ධයෙන් ඇති වී ඇති වාතාරණයේදී එම භාවිතය නවතා දැමීමට භාවිතාවේ යෙදෙන පුද්ගලයාද බෙහෝවිට කිසිදු තර්කයකින් තොරව එකඟවේ. එහෙත් මද්‍යසාර භාවිතය නම් කාරණයේදී ලෝකයේ මිනිසුන් ඇත්තේ විවිධ අන්ත වලියි. අරක්කු, බියර් කර්මාන්තයේ මෙන්ම එහි සංස්කෘතියේ ඇති ප‍්‍රබල බව එමගින්ම අවබෝද කරගත හැකිය. මෙම කර්මාන්තයන් දෙකම ලෝකයේ තමන්ගේ ව්‍යාපාර වල පැවැත්ම තහවුරු කරගන්නේ හැකිතරම් නියම රසායනයේ අත්දැකිම සැඟවීමට කටයුතු සැලැස්වීමෙනුයි.

01. අවස්ථානුකූල භාවිතය දිරිමත් කිරීමේ වැඩසටහන්,
ලෝකයේ මද්‍යසාර සමාගම් සියල්ලක්ම පාහේ එකහෙලා ප‍්‍රකාශ කරන කාරණාවක් වන්නේ හානිකර ලෙස මද්‍යසාර භාවිතා නොකොට එය සමාජමය අවස්ථාවලදී අවස්ථානුකූලව භාවිතාවට ගැනීම සිදුකල යුතු බවයි. එහෙත් අපේ රටවල අපි අත්දකින යතාර්ථය නම් බොහෝ මිනිසුන් අරක්කු හෝ බියර් සඳහා අවස්ථානුකූලව පුරුදු වී පසුව නිතිපතා භාවිතය දක්වා සිය භාවිතය වැඩිකරගෙන ඇති බවයි. එමනිසා මෙම සමාගම් පවසන පරිදි කිසියම් හෝ භාවිතයකට මිනිසුන් හුරු වීම පවතින ගැටළු එලෙසම පවත්වා ගැනීමක් වනනේ මෙසේ ජනප‍්‍රිය කිරීමට උත්සහා ගන්නා භාවිතය තරුණ පරපුරට ඉතා ආකර්ෂණීය වීම නිසා ඔවුන්ද සමාජ අවස්ථාවල භාවිතයට නැඹුරුවීමේ වැඩි ඉඩකඩක් පැවතීමයි.

02. ඔක්ටෝබර් ෆෙස්ට් වැනි උත්සව ලොව පුරා සංවිධානය කිරීම.
ඔබ තියිලන්තයේ සංචාරය කොට ඇතිනම් එය අරක්කු හා බියර් කොම්පැණි වල කෙලිපිටියක් බව දැකගන්නට ලැබෙන්න ඇති. සංචාරක කර්මාන්තයෙන් විශාල ආදායමක් උපයන තායිලන්තය විනෝදාස්වාදය සඳහා සංචාරකයන් පැමිණෙන ගමනාන්තයක් බවට පත්වී හමාරයි. මෙම අවස්ථාව හොඳින් හඳුනාගත් බියර් සමාගම් සිය මෙහෙයුම් තායිලන්තය තුල ඉතා තීවූ ලෙස සිදුකරන ලදී. එහිදී සංචාරක කර්මාන්තයට මුවා වී සිය මෙහෙයුම් සිදුකිරීම බොහෝවිට සිදුවිය. මෙම වාතාවරණය තුල විනෝදාස්වාදය හා බියර් භාවිතය අතර සම්බන්ධයක් ගොඩනැගීමට එම කර්මාන්තයන් කටයුතු කරන ලදී. මේ වන විටත් තායිලන්තය බියර් භාවිතය වැඩි කරවන මධ්‍යස්ථානයක් යැයි කිවහොත් නිවැරදියි. මන්ද සියළුම සමාජ එකතුවීම් අරක්කු හා බියර් වලින් පිරී පවතින අතර, සංචාරකයන් පමණක් නොවේ තායිලන්ත ජාතිකයන්ද භාවිතයට හසුවී අවසානයි.

මෙම තත්වය එම රටට ඇතිකලේ කෙසේද යන්න සොයාබැලීම රසවත් යැයි සිතමි. බියර් කර්මාන්තය මෙහිදී සියුම් ක‍්‍රම මගින් සිය ආක‍්‍රමණයන් දියත් කල බව පෙනෙන්නට තිබේ. අපේ රටේද වර්තමානය වන විට ඔක්ටෝබර්ෆෙස්ට් නමින් දියත් කරම්න් පවතින්නේ තායිලන්තය තුල මීට වසර ගණනකට පෙර බියර් කර්මාන්තය විසින් දියත්කරන ලද සැලසුම් සහගත ක‍්‍රියාවලියන් වේ. මිනිසුන්ට බියර් භාවිතය සුලබ කිරීම සඳහා නොයෙක් විනෝදකාමී වැඩසටහන් තුල බියර් එක් අංගයක් කොට ඉදිරිපත්කිරීම මගින් බියර් කොම්පැණි සිය වෑයම තායිලන්තයේදී සාර්ථක කරගන්නා ලදී. මේ ආකාරයනේම අපේ රටේද මේ වනවිට නොයෙක් අවස්ථාවන් බියර් කර්මාන්තය විසින්ම සංව්ධානය කොට සිය නිෂ්පාදන වැඩි අගයක් එක් කොට ජනතාව අතරට ගෙන යාමේ ක‍්‍රමවේදයන් අත්හදා බලමින් සිටින බව කිවයුතුය. අද වන විට සෑම සිල්ලර කඩයකම වාගේ බියර් විකිණීමට ඇති තායිලන්තයේ දරුවන්, වැඩිහිටියන් මං මාවත් වලද බියර් බොන ආකාරය දැකිය හැකිය. මෙවන් වටපිටාවක් ඇතිකිරීමට බියර් සමාගම් දැමූ උත්සාහයේ ප‍්‍රතිපල එම සමාගම් විසින් අත්කරගනිමින් සිටී.

අද වන විට අපේ රටේද මේ තත්වයන් අඩු වැඩි වශයෙන් දක්නට ලැබීම බියර් සමාගම් වල මැදිහත් වීම අපේ රටේදී සිදුවන්නේ කෙසේදැයි පෙන්වන දර්ශකයක් වේ. වෙරළ සැණකෙළි, රගර් හෝ වෙනයම් ක‍්‍රීඩා අවස්ථාවන් වලදී මෙන්ම අපේ රටේ වාර්ශික කාල සටහනේ නොතිබූ ඔක්ටෝබර්ෆෙස්ට් වැනි වැඩසටහන් මේ වන විට එම කාලසටහනට දමා ඇත. බියර් සමාගම් රටක පවතින සභ්‍යත්වය, සදාචාරයට පහර ගසන්නේ මෙවැනි උපායන් මගිනි. බියර් භාවිතයට වැඩිපුර අවස්ථා ඇතිකිරීම හා පහසුකම් ඇතිකිරීම මගින් නිරායාසයෙන් භාවිතය වැඩිවන බව නොරහසකි. හොඳින් බැලූව හොත් අපේ රටේද මේ වන විට සිදුවෙම්න් පවතින්නේ ඒ බියර් සාමාගම් වල එම උපායන් යැයි ඔබට වටහාගත හැකි වනු ඇත.
එසේනම් අපි අවබෝධ කරගතයුතු සත්‍ය වන්නේ බියර් කොම්පැණි තායිලන්තයට කරපු දේම අපේ රටටත් කරනවා යන්නයි.

03. සාර්ථක මද්‍යසාර සම්බන්ධ ප‍්‍රතිපත්ති ඇතිකිරීමට ඉඩ නොතැබීම.
සිගරට් සම්බන්ධයෙන් පාළන ප‍්‍රතිපත්ති ඇතිකිරීමේ තරමටම දියුණු නොවූවත් මද්‍යසාර පාළනය සම්බන්ධයෙන්ද ලෝකයේ කිසියම් ආකාරයක නියාමනයන් සිදුකිරීම සඳහා සාධනීය උත්සාහයන් සිදුවේ. මෙවන් උත්සාහයන් ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුළු මද්‍යසාර සම්බන්ධ නියාමනයේ නියුතු සංව්ධාන වල සහයෝගයෙන් ගැනීමට උත්සහා කලත් ඒවා ඵලදායි හෝ ක‍්‍රියාකාරි මට්ටමට පැමිණවීමේ ගැටළු සහගත තත්වයන් උත්ගත වී ඇත්තේ මෙම ප‍්‍රතිපත්ති සැදීමේදී මද්‍යසාර සමාගම්වල නියෝජිතයන් එම කටයුතුවලට දායක වීම නිසායි. එවන් වාතාවරණයක් තිබියදී ලෝකයට නිවැරදි මද්‍යසාර නියාමන ප‍්‍රතිපත්ති ඇතිවීම සිදුනොවේ.

04. අලංකාරය, විවිධත්වය, කාමුක බව යොදාගනිමින් සිදුකරන ප‍්‍රචාරණයන්,
මද්‍යසාර අප‍්‍රාණික බවේ සංකේතයක් වුවත් එය එසේ අර්ථ ගැන්වීමට එම කර්මාන්තයන් ඉඩනොදේ. ඒ නිසා ඔවුන් හැකිතරම් එය කාමුක මෙන්ම විවිධත්වයෙන් යුතු එකක් ලෙස ලොව පුරා සිදුකරන ප‍්‍රචාරණ වැඩසටහන් වලින් ගම්‍ය වේ. තරුණ නිරූපණ ශිල්පිනියන් යොදාගනිමින් බියර්, අරක්කු, විසිකි වෙළඳපොළට හඳුන්වාදීම සිදුකරයි. මෙම කාර්්‍යම සිදුකිරීමට චිත‍්‍රපටි හෝ ටෙලිනාට්‍ය යොදාගන්නා අවස්ථාද ඔනෑතරම් වේ. මේවා අපේ රටේද මේ වන විට සිදුවෙමින් ඇති අතර තරුණ පිරිස් හා කාන්තාවන් මේවායේ ඉලක්කය බවට පත්වී තිබේ. බොහෝ පිරිසක් මද්‍යසාර පිළිබඳ වැරදි ආකල්ප ඇතිකරගන්නේ මෙවන් ප‍්‍රචාරණ උපායන්ගේ බලපෑම මතයි.

05. බියර් වල සුලබතාව වැඩි කිරීම හා මිල ඉතාමත් පහත අගයක පවත්වා ගැනීම.
අද වන විට සුපර් මාර්කට් වලින් බියර් ටින් එකක් හා කෝලා ටින් එකක් මිලට ගතහොත් මිලිලීටර 330 ප‍්‍රමාණයේ බියර් ටින් එකක මිල රු. 100 වෙද්දී මිලිලීටර 300 ප‍්‍රමාණයේ කෝලා ටින් එකක මිල රු. 110 කි. එසේ බොහෝ බීම වර්ග බියර් වර්ගයන්ට වඩා අඩු මිලක පවතින බව අප විසින් අධ්‍යනය කරන ලදී. බියර් මිල අඩු වීමේ අවාසිදායක තත්වය ඔබට තේරුම් ගැනීමට ඉහත උදාහරණයම ප‍්‍රමාණවත් බව සිතමි. මිල මුදල් අඩුවෙන් අති පාසල් දරුවන්ට කෝලා එකක් ගන්නවාට මිලදී ගැනීමේ හැකියාව වැඩි වී ඇත්තේ බියර් මිලට ගැනීමටයි. මෙවැනි තත්වයක් මත අපේ අනාගත පරපුර දැඩි අවදානම් අවදියක සිටින බව කිව යුතුමයි. අදට වඩා සතුටින් ප‍්‍රබොදයෙන් සිටින අනාගත පරපුරක් ඇති කිරීමට මේ සිගරට් හා මද්‍යසාර සියල්ලම මිලදී ගැනීමට ඇති හැකියාවන් අඩු කල යුතු අතර ඒවායේ සුලබත්වයද අඩු කලයුතුය. කෙසේ වෙතත් මේ සේරම අපිට කලින් තේරුම් ගන්න බ්යර් සමාගම් නම් අවුරුදු ගාණනකට සැළසුම් හදලා අවසන්, දැන් අපිට තියෙන්නේ ඒ සැළසුම් තේරුම් අරගෙන අපිත් බේරිලා තව එක් අයෙකක් හරි මේ උගුලට හසුවෙන එකෙන් වළක්වන එකයි. සුපර් මාර්කට් එකෙන් අරන් බිව්වත්, කැලේට වෙලා කසිප්පු බිව්වත්, උජාරුවට මේසේ වටේ ඉඳන් බිව්වත් මේ කොම්පැණි කරලා තියෙන්නේ අපිව මෝඩයාට අන්දවලා ලාභ උපයන එක, දැන්වත් ඇස් ඇරලා බලමුද මේ අය කරන්නේ මොනාද කියලා අයිසිං ගාලා සුවිශේෂී ප‍්‍රතිරූපයක් හදලා පෙන්නුවම ඒකට අපිත් හසුවෙනවා.

තවත් කොටසක් ඉදිරියේදී