29 Dec

බි‍්‍රතාන්‍යයෙන් හෙළිවෙන මධ්‍යසාර සමාගම් වල කූට උපායන්

මෑතකදී බි‍්‍රතාන්‍යයේ නිතුත් වූ මද්‍යසාර සම්බන්ධ සමීක්ෂණ වාර්ථාවල ඇති කරුණු තව තවත් සනාථ කරන්නේ, මද්‍යසාර ප‍්‍රචාරණය නිසා එරට තරුණ පරපුරට ඇති බලපෑම සම්බන්ධවයි. මෙම කර්මාන්තය විසින් නොයෙකුත් උපක‍්‍රම භාවිතා කරමින් තම ව්‍යාපාරය සරි කරගැනීමට කටයුතු කරන බව සාක්ෂි සහිතව මෙවර Alcohol Alert පර්යේෂණාත්මක සඟරාව පෙන්වා දෙනු ලබයි. මෙහිදී දැකිය හැකි සුවිශේෂී කරුණක් වන්නේ, ලොව පුරා මද්‍යසාර සමාගම් රටක පවතින ඕනෑම තත්වයකදී කි‍්‍රයාත්මක වීමට අවැසි ක‍්‍රම සහ විධි ප‍්‍රගුණ කරමින් සිටින ආකාරයයි. මෙයට හොඳම උදාහරණයක් සැපයීමට අප රටෙන්ම අවකාශ මේ වනවිට තිබීම ඒ අධ්‍යාපනය ලබා ගැනීමට නම් පහසුවක් වූවාට රටට හා තරුණ පරපුරට නම් අවාසිදායක තත්ව ඇති කරයි. අපේ රටේ මද්‍යසාර පිළිබඳ නීති ක‍්‍රියාත්මක වෙමින් පවතින මේ අවධියේ ඒවා ප‍්‍රචාරණයට ඉඩ කඩ අහුරා තිබේ. එය මද්‍යසාර කර්මාන්තයේ පැවැත්මට අහිතකර බව දන්නා නිෂ්පාදකයන් මෙම නීති රාමුවේ සිදුරු වලින් රිංගා ප‍්‍රචාරණ කටයුතු වල නිරතවීමට තරම් කූට වී ඇත. බි‍්‍රතාන්‍යයේ ඉහත කී සඟරාව හෙළිකරන පරිදි මද්‍යසාරීකරණය වූ අවස්ථා, ඉසව් සංවිධානය කිරීම මෙහිදී කර්මාන්තය භාවිතා කරන ජනප‍්‍රිය උප්පරවැට්ටියක් බව පෙන්වා දෙයි. මෙය අපේ රටේ ද මේවන විට සරුවට කෙරෙමින් පවතී. නොයෙක් සමජ ශාලා හා හෝටල් ආශි‍්‍රතව Pub හා Clawl යන මද්‍යසාරීකරණය වූ අවස්ථා සංවිධානය බියර් සමාගම් මගින් සිදුකරනු ලබයි. එසේ තෝරාගත් අවන්හල් ජාලයක් ලෙස රට පුරා ව්‍යාප්ත කරන්නේ බියර් හෝ මද්‍යසාර භාවිතා කිරීමට අවශ්‍ය පහසුකම් සපයමිනුයි. මේවාට ලබාදෙන ප‍්‍රචාරණය ඉතා සිත්ගන්නා සුළු වන අතර ඒවාට නිතර පැමිණෙන පිරිසක් ඇති කරගෙන වටිනාකමකින් යුතුව පවත්වාගෙන යාම මේවායේ සිදුකරනු ලැබේ. එයත් හරියට මද්‍යසාර වගේමය. විවිධ වටිනාකම් හා උපක‍්‍රම භාවිතා කරමින් විකුණන්නේ එකම නීරස අත්දැකීමක් ඇති උදාසීන රසායනයයි. කෙසේ හෝ සමාගම් උත්සාහ කරන්නේ මේ අමාරුව එළියට නොදැැමීමට උවමනා මානසිකත්වය මේ තැන්වල ආකර්ෂණය හරහා මද්‍යසාර භාවිතා කරන්නන් තුල ඇතිකිරීමයි. එම සංසිද්ධිය අමු අමුවේ අපේ රටේද මහා බි‍්‍රතාන්‍යයේද බියර් කර්මාන්තය පවතින ඕනෑම රටක ද සිදුවෙමින් පවතින්නේ එම සමාගම් වල උවමනාවන් ඉටු කිරීමටයි.

ඉහත මා සඳහන් කල සමීක්ෂණයේ ප‍්‍රතිඵල පෙන්වා දුන් දේ අතර බි‍්‍රතාන්‍යයේ සමීක්ෂණයෙන් ආවරණය වූ තරුණයන්ගෙන් 21% ක් පොදු ස්ථාන ලෙස නම් කරන ලද වීදී වල මද්‍යසාර භාවිතා කිරීම තහනම් යයි නීති පණවා තිබියදීත් ඒවා උල්ලංඝනය කිරීමට පෙළඹී ඇත්තේ මේ Pub හා Crawl නිසායි. මෙම ඉසව් පැවැත්වෙන අවස්ථාවල ඒවාට වැඩියෙන්ම පැමිණෙන්නේ පාසල් හා සරසවි සිසුන් බව සනාථවී ඇත. මෙම ඉසව් මුවාවෙන් වෙනත් මත්ද්‍රව්‍ය භාවිතයද ඉහළ යාමේ ප‍්‍රවණතාවක් මෙන්ම භාවිතා කරන ප‍්‍රමාණයන් වැඩි වී ඇති බව සොයාගැනීම එරට සෞඛ්‍ය අංශ සලිත කිරීමට සමත්ව ඇත. මෙසේ සිසුන්ව අරමුණ කරමින් අරක්කු බියර් සමාගම් විසින් කරගෙන යන මේ වැඩපිළිවෙල නිසා අනාගතයේ බි‍්‍රතාන්‍ය දැඩි අපහසුතාවයකට පත් වීමට ඉඩ ඇති බව සමීක්ෂකයන් පෙන්වා දී තිබේ. යුරෝපයේ මද්‍යසාර භාවිතා කරන රටවල් අතර බි‍්‍රතාන්‍ය ප‍්‍රමුඛ වන අතර වසරක් පාසාම විශාල පිරිසකගේ මරණයට හේතුවන සාධකය ද මෙය වේ. මෙම තත්වය අපේ රටේද මෙසේම වෙමින් පවතින බව විචාර බුද්ධියෙන් බැළුවොත් කාහටත් පෙනී යයි. අද රටේ බියර් බොන්න හදන වටපිටාව, වටිනාකම් මගින් ගෙනෙන ආකර්ෂණය ගැන හිතනකොට ”රට මේ කොහෙටද දක්කන්නේ ” කියලා තේරෙන්න ඕන.

කොළඹ අවට මේ වන විටත් අපිට ඕනතරම් මේ ඉසව් දකින්න පුළුවන්. බියර් එක්ක රසවත් අවස්ථා විකිණීම තමා මේ වන විට වෙමින් තියෙන්නේ. අවන්හල් කීපයක් කේන්දා කරගනිමින් බොන පිරිස් කැන්දා පහසුකම් සැලසීම අපේ රටේ තත්වයයි. Setවෙනව නම් අරක්කු හෝ බියර් හෝ බොන්න තමයි කියන සංකල්පයේ ඉන්න ජීවිතේ සීමා වූ පිරිසක් මේ අවන්හල්වලට ඇදෙන්නේ මේ වටපිටාවට ඇන්දිලා නිසයි. ප‍්‍රචාරණ උපක‍්‍රමයක් ලෙස නම් මද්‍යසාර සමාගම් වලට මේක නියම අවස්ථාවක්. ඒ තව තවත් අළුත් පිරිසක් මේ පිංතූරේ පෙන්නලා බියර් බොන්න අල්ල ගන්න පුළුවන් නිසා. මේවා ලෝකේ කොයි දීපංකරේ උනත් ඒවාට ඇන්දෙන මිනිස්සුන්ට තමා දුක.