26 May

බියර් අනුග‍්‍රාහකත්වයට එරෙහි බාබර් සාප්පුවේ සටන…

තරගාවලියේ කීර්තිමත් පාපන්දු කණ්ඩායමක් වන ඒවර්ටන් එෆ් සී (Everton FC -http://www.evertonfc.com/ ) පාපන්දු කණ්ඩායමට මේ වන විට අනුග‍්‍රාහකත්වය දක්වන්නේ තායිලන්තයේ බියර් සමාගමක් වන ThaiBev සමාගමේ චැන්ග්(Chang) බියර් සන්නාමයයි. එම අනුග‍්‍රාහකත්වය ඉවත්කිරීමේ අභියෝගයට මුහුණදෙන එරට බාබර් සාප්පුවක් වන The Barber Club පවසන්නේ, දරුවන් හට බියර් භාවිතය ආකර්ෂණීිය කිරීමට විරුද්ධව ඔවුන් මෙම විශේෂ ව්‍යාපාරය ආරම්භ කර ඇති බවයි.

දරුවන් වඩා පි‍්‍රයකරන පාපන්දු කී‍්‍රඩාව හරහා බියර් සමාගම් ඔවුන්ගේ ප‍්‍රචාරණයන් සිදුකිරීම කොතරම් ප‍්‍රබලද යත් එංගලන්තයේ දරුවන් කේක් සහ රසකැවිලිවලට වඩා බියර් පිළිබඳ වැඩි ඇල්මක් දක්වන බවත් එවන් අල්මක් ඇතිකිරීම සඳහා විශාල මුදලක් මද්‍යසාර සමාගම් වියදම් කරන බවත් මද්‍යසාර ප‍්‍රචාරණයට විරුද්ධව කි‍්‍රයාත්මක වන කි‍්‍රයාකාරී කණ්ඩායම් පෙන්වාදෙයි.

ඒවර්ටන් එෆ් සී පාපන්දු කණ්ඩායමට චැන්ග් බියර් සමාගම දක්වන අනුග‍්‍රය මද්‍යසාර සමාගම් දරුවන්ව ඉලක්ක කරන ආකාරය පෙන්වන කදිම උදාහරණයක් බව ද ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙයි.

මේ වනවිට ඒවර්ටන් එෆ් සී කණ්ඩායම සඳහා ලබාදෙන බියර් අනුග‍්‍රහකත්වය ඉවත්කිරීම ඊට වැඩි ලන්සුවක් තැබීම සඳහා සඳහා අවශ්‍ය කරන මුදල වන ඇමරිකන් ඩොලර් මිලියන 23 ක මුදල සොයා ගැනීම සඳහා #OutbidChang නමින් ආධාර එකතුකිරීම් ජාත්‍යන්තර ව්‍යාපාරයක් https://www.indiegogo.com/projects/outbidchang–2#/ ඔවුන් විසින් ආරම්භ කරඇත. ඔවුන් සමග මද්‍යසාර ප‍්‍රචාරණයට විරුද්ධව පෙරමුණ ගෙන කි‍්‍රයාත්මක වන කණ්ඩායම, මද්‍යසාර කර්මාන්තය විසින් සිදුකරන අසීලාචාර උපක‍්‍රම හෙළිකිරීමට සිදු කරන වැඩපිළිවෙළක ප‍්‍රථම කි‍්‍රයාත්මකවීම ලෙස මෙම විශේෂ වැඩසටහන දියත් කරයි. ‘ළමුන් ඉලක්ක කරගත් මද්‍යසාර ප‍්‍රචාරණය’ පිළිබඳ ලෝකයට හෙළි කිරීම සඳහා ඔවුන් BIGALCOHOL.EXPOSED – http://www.bigalcohol.exposed/ නමින් වෙබ් පිටුවක් ද පවත්වාගෙන යයි. එහි අරමුණ වන්නේ , ලෝකයේ දරුවන් ඉලක්ක කරගත් මද්‍යසාර ප‍්‍රචාරණ උපක‍්‍රම හෙළිකිරීම සහ එවාට එරෙහිව කි‍්‍රයාත්මක වීමයි.
මද්‍යසාර කර්මාන්තයේ අශීලාචාර උපක‍්‍රම වලින් දරුවන් ආරක්ෂා කරගැනීමේ මෙම සුවිශේෂි අභියෝගයට මුහුණදීමට ලොව පුරා සිටින ළමුන්ට ආදරය කරන සියළු දෙනාගෙන් මෙන්ම කී‍්‍රඩාවට ඇළුම් කරන සියළුදෙනාගෙත් සහයෝගය The Barber Club ව්‍යාපාරය අපේක්ෂා කරයි.


https://www.indiegogo.com/projects/outbidchang–2#/ මෙම වෙබ් අඩවියට පිවිසීමෙන් මේ සත්කාරයට ඔබටත් දායක විය හැකියි.
https://www.facebook.com/The-Barber-Club-Bootle-437137989768700/ යන වෙබ් අඩවිය හරහා ඔබට මෙම සත්කාරයට සුභ පැතීමට හෝ ඔවුන් ශක්තිමත් කිරීමට එක්විය හැකිය.

තව දුරටත් තොරතුරු සදහා පහත වෙිබි පිටු සදහා පිවිසෙන්න
https://www.indiegogo.com/projects/outbidchang–2#/

http://www.adicsrilanka.org/wp-content/uploads/2016/05/Press-shinhala-new.pdf
http://www.bigalcohol.exposed/