30 Jul

බියගම, මීගොඩ හා රතුපස්වල

රටේ විවිධ අවස්ථාවල නොයෙක් සිද්ධීන් මුල් කරගෙන උද්ඝෝෂණ ව්‍යාපාර දකින්නට පුළුවන්. අද වන විට නම් එය රැුල්ලක් බවට පත්වී ඇති හැඩයි. මන්ද, මහජනයා සිය මූලික අවශ්‍යතාවන්ගෙන් කුමකට හෝ අභියෝගයක් නැතිනම් හිඟයකින් පීඩා විඳී නම් බොහෝවිට එය අදාල අංශ වෙත සැලකිරීමට ගන්නා උච්චතම අවස්ථාවක දර්ශකයක් ලෙස උද්ඝෝෂණ ව්‍යාපාර හැඳින්විය හැකිය….. ආසන්නතම දින වලදී දුෂ්කර පාරවල් හා වන අලි නිසා ඇතිවන පීඩාවන්ගෙන් අපහසුතාවට පත්වූ පිරිස් මෙසේ මහාමාර්ග අවහිර කර උද්ඝෝෂණ වල නිරත වන අයුරු දැකගැනීමට හැකිවිය. මේ රැුල්ලට තවත් ප‍්‍රදේශයකින් එක් වෙමින් මේ වන විට රටේ අවධානය ගැනීමට රතුපස්වල ප‍්‍රදේශවාසීන් සමත් වී ඇත්තේ ඔවුන්ට පිරිසිදු පානීය ජලය ලබාගැනීමේ ඇති අයිතිය මේ වන විට උල්ලංඝණය වී ඇති බව පවසමිනුයි. ප‍්‍රදේශයේ ඇති එක්තරා කර්මාන්තශාලාවක් මගින් බැහැර කරන අප ජලය හා රසායනික ද්‍රව්‍යන් නිසා මෙසේ තත්වයක් උද්ගත වී ඇති බව ඔවුන්ගේ තර්කයයි. දිගු කාලයක් තිස්සේ මෙයට එරෙහිව සමාගම හා මෙන්ම ප‍්‍රදේශයේ විවිධ පාලන තන්ත‍්‍ර වෙත පැමිණිලි ඉදිරිපත් කලත් මේ වෙනතුරුත් කිසිම වෙනසක් සිදු නොවු බැවින් මේ ක‍්‍රියාමාර්ගයට එළඹීමට තීරණය කර ඇති බව ප‍්‍රදේශවාසීන් කියා සිටියි. කෙසේ හෝ අදාල සමාගම අපනයනය සඳහා ම පමණක් නිෂ්පාදන සිදුකරන එකක් බැවින් ඉන් අති විශාල සේවක පිරිසක් ද නඩත්තු වන බැවින් මේ අවස්ථාවේ කුමන පාර්ශවයේ පැත්ත ගන්නද යන්න බළධාරීන් ගැටළුවක සිටිනා බව පෙනෙන්නට තිබේ. මන්ද රැුවුලද කැඳද දෙකම බේරාගත යුතු බැවිනි.
පසුගිය කාලය පුරාවටම බියගම හා මීගොඩ ප‍්‍රදේශවල පිහිටි බියර් නිෂ්පාදන සමාගම් දෙකක් නිසා ඉහත සඳහන් අයුරින්ම ඒ අවට ජනතාව අපහසුවට පත්වී විරෝධතා දැක්වීම සිදුකෙරිණි. කෙසේවෙතත් අද වන විට ඒවා සිය නිෂ්පාදන ධාරිතාද වඩා වර්ධනය කරගනිමින් ක‍්‍රියාත්මක කෙරෙන අතර ප‍්‍රදේශවාසීන්ගෙන්ද එතරම් විරෝධතාවයක් පෙනෙන්නට නැත. එසේ වී ඇත්තේ අද වන විට පරිසර ගැටළු සියල්ල විසඳී අවසන් නිසාද නැතහොත් ප‍්‍රදේශවාසීන් ඒ ප‍්‍රශ්නය අපේ කරුමය කියා අතහැර දමා ඇති නිසාද යන්න ගැටළුව පැනනගී. බියර් සමාගම් අපහසුවට පත්වනවා යයි කියමින් ඔවුන්ට එරෙහිව පරිසර නීති හා ඒවා ක‍්‍රියාත්මක කරන ආයතන මේ අවස්ථාවේ අනුගමනය කරන පිළිවෙත කුමක්ද? එම පිළිවෙත රතුපස්වල සමාගමට වලංගු නොවේද?
 

ඕනෑම සමාගමක ක‍්‍රියාත්මකවීමක් නිසා පරිසරයට හෝ පිහිටි ප‍්‍රදේශයේ මිනිසුන්ට අගතියක් සිදුවේ නම් එය රටේ පොදු නීතියට අනුව ක‍්‍රියාත්මකවීමට පියවර ගත යුතුය. බියර් සමාගමක් ක‍්‍රියාත්මකවීම නිසා ප‍්‍රදේශයේ මිනිසුන් පමණක් නොව රටේම මිනිසුන් ප‍්‍රශ්න වලට ගොදුරු වේ. ඒ බියර් භාවිතයේ ඇති අවාසිදායක බව සෞඛ්‍ය හා සාමාජීය අතින්ද සිදුවන නිසායි. බියර් නිසා දිනපතා මද්‍යසාර සංස්කෘතියට හසුවන හා එයට පුරුදු වන දරුවන් ප‍්‍රමාණය අතිවිශාල වේ. එසේ පුරුදු වන පිරිස හෙට රටේ බෝ නොවන රෝග නිසා රෝගීවන්නන් විය හැකිය. ඒ නිසා පහසුකම් සපයමින් බියර් කොම්පැණි ව්‍යාප්ත කිරීමට කිසියම් අයුරකින් කිසිවෙක් සහයෝගය ලබා දෙන්නේ නම් එය රටට කරන හතුරුකමකි.
රතුපස්වල සිද්ධියත් සමග අපට පෙනෙන්නේ බියර් කොම්පැණියට මිනිසුන් එරෙහි වූ අවස්ථාවල දී මාධ්‍ය ආවරණයක් ඊට නොලැබුණු බව හා රටේ මිනිසුන් දැනුවත් නොවූ බවයි. එසේ වූයේ බියර් සමාගම් මුදල් විසිකරමින් උවමනාවෙන්ම එය ජනතාව අතරට යාම වැළැක්වීමට කටයුතු කළ නිසාදැ’යි අපට අනුමාන කළ හැකිය. රතුපස්වල පිහිටි අපනයන සැකසුම් කර්මාන්ත ශාලාව පවත්වාගෙන යාමට රුකුල් දීම වටින්නේ එය රටට විදේශ විනිමය ගෙන ඒමට දායක වන නිසායි. එහෙත් පරිසරයට ඉන් සිදුවන හානිය හා අවට මිනිසුන් විඳින අපහසුවක් වේ නම් එයට ස්ථීරසාර විසඳුමක් අත්‍යාවශ්‍ය වේ. මන්ද සියල්ලටම වඩා මිනිසුන්ගේ ජීවිත වටිනා නිසා හා ඒ මිනිසුන්ගේ සතුට නොමැතිව කිසිවක් සිදුකර වගතුවක් නැති නිසායි.
බියර් කර්මාන්තය කෙසේ වෙතත් රටට පිටරටින් සල්ලි ගෙනෙන සමාගම් රැුකගැනීමට වෙහෙස ගැනීම පාඩුවක් නැත. එහෙත් අද වන විට සිදුවන්නේ අනෙක් බියර් කර්මාන්තය සුරැුකීමට මිනිසුන්ගේ ඉල්ලීම් නොසලකා හැරීමයි. ස්ථීර වශයෙන්ම අප රටේ ඇති පිරිසිදු ජල මූලාශ‍්‍ර වලින් ජලය ලීටර මිලියන, බිලියන ගණන් ඇද ගන්නේ කිසිදු පැකිලීමක් නොමැතිවයි. තවද ඔවුන් අපද්‍රව්‍ය ලෙස ඉවත් කරන අපජලය හා අවට පරිසරයේ අධික දුර්ගන්ධය ඇති කරවීම කිසිදු ආකාරයකින් වාසිදායක නොවේ. බියර් ලීටරයක් නිෂ්පාදනය සඳහා පිරිසිදු ජලය ලීටර 300 ක් උපයෝගී කරගන්නා බව ලෝකයේ වාර්තා පෙන්වා දෙයි. එවන් තත්වයක් මත බියර් සමාගම් වලට වාසි වරප‍්‍රසාද දී පැවැත්ම තහවුරු කරගැනීමට ඉඩදීම අනාගතයේ සමස්ත ජීවයටම විඳවීමට සිදුවන ආකාරයේ පරිසර අප විසින්ම සකසාදීමක් වැනිය. ඒ නිසා ප‍්‍රතිපත්ති සම්පාදකයන්ගේ දෑස් මේ වෙත යොමු වී මිනිසුන්ට අවම හානිය සිදුවන ආකාරයේ හෝ එසේ කිසිදු ආකාරයේ හානියක් පරිසරයට සිදුනොවීමට අවැසි තත්වයන් යටතේ ක‍්‍රියාත්මක විය හැකි කර්මාන්ත වලට අනුග‍්‍රහය සැකසිය යුතුය. එසේ නොවුන හොත් විදේශ ආයෝජන පස්සෙන්ම පන්නා ලෝකයේ ඕනෑම කුණු ගොඩක් ගෙන්වා බදු සහනයන්ද ලබාදී අපේ රටේ ස්ථාපිත කිරීම අනුවණ කරුණක් වන්නේ එවැනි කර්මාන්තයන්ගේ අනිසි ප‍්‍රථිපල විඳීමට අපේ මිනිස් පරපුරට සිදුවන නිසායි. බියගමින්, මීගොඩින් හා රතුපස්වලින් ඇහෙන මේ ප‍්‍රශ්නය සෑම පැත්තෙන්ම රටට වැඩදායී ලෙස විසඳා ගත යුත්තේ ඒවාට සාවධානව සවන් දීමෙනුයි. එහිදී කර්මාන්තයක පැවැත්ම ලෙස වැඩියෙන්ම රටට වාසිදායක වන්නේද එයට අනුග‍්‍රහය ලබාදීම වටින බව මාගේ හැඟීමයි. බියර් සමාගම් වල පැවැත්මට පහසුකම් සැපයීම නම් රටක් ලෙස වාසිදායක වේ යයි කීමට නම් නොහැකිය.