11 Jun

බිග් මැච් තහනම පිළිතුරක් ද ?

මේ වසරේ පාසල් මහා ක‍්‍රිකට් තරඟ ආරම්භයට ආසන්නව තිබිය දී මහා ක‍්‍රිකට් තරග තහනම් කලයතු බව ද යෝජනාවක් ඉදිරිපත් වී තිබේ. එයට හේතුව ආසන්න කාලයේ පාසල් සිසුන් අතර ඇති වූ ගැටුම් කිහිපයක් වේ. ඒ සමගම මහා ක‍්‍රිකට් සමයේ සිසු දරුවන් මද්‍යසාර හෝ නොයෙක් මත්ද්‍රව්‍ය භාවිතයටද නැඹුරු වීමේ හා ඒවාට නැඹුරු කරගැනීමේ උත්සාහයක් ඇති බව හෙළිවී තිබේ. පාසල් සිසුන් අතර ගැටුම් ඇති වූ පළමු හෝ අවසාන අවස්ථාව මෙය නොවේ. ඉතිහාසය පුරා විවිධ කරුණු මුල්කරගෙන මෙසේ ගැටුම් ඇතිවුවත් ඒවා කෙටිකාලයකින් අහවර වී ඇත. පාසල් වියේ පසුවන තරුණ පිරිසේ ස්වභාවය එයයි, කණ්ඩායම් ලෙස සිය සහචරයන් සමග කාලය ගත කිරීම මෙන්ම ඕනෑම අවස්ථාවකට මුහුණ දීමටටද ඔවුන් නොපැකිලිව ඉදිරිපත් වන්නේ මේ වයසේ ඇති ගති ස්වභාවයන් නිසයි.

වර්තමානයේ සිසු පරපුර පිළිබඳව කණගාටුවක් ඇති වන්නේ ඔවුන් මුහුණ දී ඇති අධ්‍යාපන ජීවිත තරගය ඔවුන් සම්පුර්ණයෙන්ම කෘතිම පිරිසක් බවට පත්කර ඇති නිසයි. අධ්‍යාපන ජීවිතයේ කෙටිකාලීන හා දීර්ග කාලීන අරමුණු සඳහා සිසුන් යොමුකිරීමේ අභිලාශය නිසා දෙමව්පියන් ද සිය ස්වභාවික අවශ්‍යතාවලින් ඈත් වී ඇති බව පෙනෙන්නට තිබේ. ඔවුන් සිසු දරුවන් සමග රිලේ ධාවනයක නිරත වේ. දරුවන් පරිසරයෙන් හා යාථාර්ථයෙන් බෙහෝවිට බැහැර අවකාශයක සැරිසරයි, ඔවුන්ගේ රස වින්දන පරාසයන් වඩාත් සීමා කාරී වී ඇති අතර ඒවා තනි පුද්ගල රසවින්දන උපායන් වේ. ජංගම දුරකථනය හරහා පවතින සමාජයෙන් බැහැරට ගෙනයන සිසුවා මිත‍්‍ර සමාගම් පවත්වන්නේ අන්තර්ජාලය හරහා වීම නිසා සැබෑ ජීවිතයේ මිනිස්සුන්ට ප‍්‍රතිචාර දැක්වීම පිලිබඳව ඇති අත්දැකීම් ඔවුන්ගෙන් හීන වෙම්න් පවතී.

මහා ක‍්‍රිකට් සමය සිසු දරුවන්ට නිරායාසයෙන්ම ප‍්‍රීතියක්, නිදහසක්, සැහැල්ලූවක් ඇති වන සමයකි. කූඩු කරගෙන සිටි ආකාරයේ පරිසක් නිදහස් ලද්දාක් මෙන් ඔවුන් හැසිරෙන සමයයි මහා ක‍්‍රිකට් තරග ඇති සමය. මේ කාලයේ කරන ඕනෑම දෙයක් සතුටුදායක එකක් ලෙස ගැනීමට දරුවන් පෙලඹේ. එම තත්වය සූක්ෂම ලෙස භාවිතා කරන බියර් හා මද්‍යසාර, සිගරට් සමාගම් මෙන්ම වෙනත් ජාවාරම්කාර මත්ද්‍රව්‍ය වෙළඳාම් කරුවන් මහා ක‍්‍රිකට් තරග අවස්ථාවක් කරගැනීම සිදුකරයි. එයද බොහෝ කාලයක සිට එන උපායශීලි මැදිහත්මක් ලෙස පෙන්වා දිය හැකිය. දරුවන් මහා ක‍්‍රිකට් තරගයේ මත්ද්‍රව්‍ය භාවිතයකට යොමුවීමේ වගකීම කිසිවෙකුට පැවරිය හැකිද? මෙවන් අභියෝග හමුවේ මහා ක‍්‍රිකට් කරග නොපවත්වා සිටීම නැවැරදි ද?

පවතින කාර්්‍ය බහුල සිසු ජීවිතයේ සැහැල්ලූව, විනෝදය ඇතිකරන ඉතා ස්වල්ප අවස්ථා වලින් එකක් වන මහා ක‍්‍රිකට් තරග නැති වුවහොත් ඔවුන්ට ජීවිත අධ්‍යාපනයේ වැදගත් පාඩමක් අහිමි වනු ඇත. සැබෑ වශයෙන්ම මහා ක‍්‍රිකට් සමයේ දරුවන්ට වැරදි පුරුදු ඇතිවීම වැළැක්වීමට හැකි අවස්ථා නැති කිරීම සමස්ත මහා ක‍්‍රිකට් තරගය නැති කරනවාට වඩා බොහෝ වැදගත් වේ. පාසලක ආදි ශිෂ්‍ය පිරිස් හි අවශ්‍යතාවය මත මහා ක‍්‍රිකට් තරග භූමියේ බියර් කුටි ඉදිවේ නම් වර්තමාන සිසුන්ට එයින් සන්නිවේදනය වන්නේ වැරදි පණිවිඩයකි. බියර් සමාගම් බලාගෙන සිටින්නේ ඔවුන්ට මෙවන් පරිසරයක සිය නිෂ්පාදන බෙදා හැරීමට අවස්ථාවක් එනතුරුයි, ලාභ අපේක්ෂාවකින් තොරව වුවද ඔවුන් මෙවන් අවස්ථාවක් අති නොහරින්නේ දැනට බියර් හෝ මද්‍යසාර බොන පිරිස ගැන සිතා නොව අළුත් පාරිබෝගිකයන් පිරිසක් ඉලක්ක කරගත හැකි නිසායි. මහා ක‍්‍රිකට් තරගය පැවැත්වෙන දින වලදී මද්‍යසාර හෝ සිගරට් භාවිතා නොකලත් ඒවා පිලිබඳව ධනාත්මක චිත‍්‍රයක් ඇති කරගැනීමට සිසු දරුවන් යොමුවේ.

මෙම තත්වය නම් මහා ක‍්‍රිකට් තරග වලදී සිදුවන ප‍්‍රධාන අවාසියයි. කොළඔ සහා මහා ක‍්‍රිකට් තරග සඳහා ප‍්‍රසිද්ධියක් උසුලන රටේ අනෙක් නාගරික ප‍්‍රදේශවල සිදුකරන ලද සමීක්ෂයන්ට අනුව බොහෝ යෞවන වියේ පසුවන පාසල් දරුවන් සිය පළමු මත්ද්‍රව්‍ය අත්දැකීම ලබාගෙන ඇත්තේ මහා ක‍්‍රිතට් සමය අතර තුර බව පැවසේ. නිරායාසයෙන්ම සැහැල්ලූව සතුට අති පරිසරයක මද්‍යසාර පළමු වරට භාවිතා කල සිසුවෙක් මද්‍යසාර සතුට ඇතිකරවන බව සිය ජීවිත කාලය පුරාවටම වැරදියට වටහා ගැනීම කොතරම් අභාග්‍ය සම්පන්න තත්වයක්ද. එසේ නමි විය යුත්තේ මහා ක‍්‍රිකට් සමය සිසුන්ට ජීවිතයේ වැදගත්ම පාඩමක් ලබාදෙන අවස්ථාවක් කරගැනීමයි. එනම් එහිදී විශේස වගකීමක් පාසල් ආදී සිසුන්ට ඇති අතර මත්ද්‍රව්‍ය සඳහා ලකුණු හිමිවන කිසියම් හෝ අවස්ථාවක් වේ නම් එය නිාවැරදි කර ගැනීමට සංව්ධායක්යන්ට හැකිවිය යුතුයි. දරුවන් බියර්, අරක්කු, සිගරට් මෙන්ම වෙනත් ජාවාරම්කාර මත්ද්‍රව්‍ය කර්මාන්තයේ අරමුණක් බව දරුවන් දැනගැනීම මෙම ක‍්‍රිකට් සමයේ පහසුවෙන් ඉගැන්වීමට හැකිය. ඕනෑම මත්ද්‍රව්‍ය භාවිතයක් සතුටක් ඇතිකරන දෙයක් නොව සතුටු අවස්ථාවද අහිමි කරන දෙයක් බව සන්නිවේදනය විය යුතුයි.