ප‍්‍රජාවක වෙනස

Title:  ප‍්‍රජාවක වෙනස

Year of Publication: 2007

Publication:  මත්පැන් හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය

Subject:  කි‍්‍රයාකාරී කණ්ඩායම් සඳහා මත්ද්‍රව්‍ය නිවාරණ මඟපෙන්වීම.

Summary: මෙම පොත සකස් කර තිබෙන්නේ තෝරාගත් ප‍්‍රජාවක මද්‍යසාර (බියර්, අරක්කු, කසිප්පු) හා දුම්වැටි (සිගරට්) කෙරෙහි ඇති ඉල්ලූම දුර්වල කිරීමටයි. පසුගිය වසර ගණනක අත්දැකීම් හා මෙතෙක් මෙම විෂය යටතේ ලියවී ඇති විද්‍යාත්මක පදනමකින් යුත් ග‍්‍රන්ථ පදනම් කරගෙන සකස් කර ඇති මෙය, සාමාන්‍ය මත්ද්‍රව්‍ය නිවාරණ අධ්‍යාපනයට වඩා බෙහෙවින් වෙනස් මුහුණුවරක් ගන්නා එකකි.

දිස්ති‍්‍රක් ලේකම්වරු, ප‍්‍රාදේශීය ලේකම්වරුන්ගේ සිට ග‍්‍රාම නිලධාරීන් දක්වා වන රාජ්‍ය පරිපාලන ව්‍යූහයේ නිලධාරීන්ටත්, ඉහළ තලයේ සිට සමාජ සංවර්ධන සහකාරවරු හා සමෘද්ධි සංවර්ධන නිලධාරිවරු දක්වා වන සමෘද්ධි අධිකාරි ව්‍යුහයේ නිලධාරීන්ටත් තරුණ සේවා, සෞඛ්‍ය සේවා, සමාජ සේවා ඇතුළු මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබඳ උනන්දුවක් දක්වන  ඕනෑම රාජ්‍ය ව්‍යූහයක නිලධාරියෙකුට වුවත් මත්ද්‍රව්‍ය නිවාරණ ව්‍යාපෘති කි‍්‍රයාත්මක කිරීමට උත්සහ කරන රාජ්‍ය නොවන සංවිධාන, ප‍්‍රජා මූල සංවිධාන ඇතුළු  ඕනෑම සිවිල් සංවිධානයකටත්, විශ්ව විද්‍යාලය ආචාර්යවරුන්ගේ සිට පාසල් ශිෂ්‍යන් දක්වා ව්‍යාපෘති කි‍්‍රයාත්මක කිරීමට උත්සහ කරන  ඕනෑම අධ්‍යාපන ක්ෂේත‍්‍රයක නියැලෙන්නන් හටත් මෙන්ම මද්‍යසාර දුම්වැටි ඉල්ලූම අවම කිරීමේ වැඩසටහන් කි‍්‍රයාත්මක කිරීමේ උනන්දුවක් ඇති  ඕනෑම කණ්ඩායමක් හෝ පුද්ගලයෙකුටත් භාවිත කළ හැකි හා තේරුම් ගත හැකි පරිදි සරල හා ප‍්‍රායෝගික ලෙස මෙම පොත සකස් කර ඇත.
මෙය තෝරාගත් ප‍්‍රජාවක මද්‍යසාර – දුම්වැටි ඉල්ලූම අවම කිරීම උදෙසා භාවිත කළ හැකි මොඩියුලයක් පමණක් බව තේරුම්ගත යුතු අතර වැඩසටහන් කි‍්‍රයාත්මක කරන අයගේ නිර්මාණශීල හා ඵලදායි කි‍්‍රයාකාරකම්, ව්‍යාපෘති ප‍්‍රතිඵල ඉහළ යෑමට හේතුවනු ඇත. මෙම මොඩියුලය කි‍්‍රයාවේ යෙදවීමට පෙර හොඳින් කියවා අවබෝධ කරගන්න. මෙය කි‍්‍රයාත්මක කිරීමට පෙර මත්ද්‍රව්‍ය නිවාරණය සම්බන්ධ මූලික දැනුමක් කි‍්‍රයාකරන්නන් සතු විය යුතු අතර මත්ද්‍රව්‍ය නිවාරණයේදී නොකළ යුතු දේ, ප‍්‍රජාවක පවතින තත්වය මැනගැනීමට භාවිත කළ හැකි ක‍්‍රමවේද මෙන්ම මද්‍යසාර, දුම්වැටි භාවිතයෙන් සිදුවන දැනෙන හානිය ආදිය පිළිබඳ අමතර කියවීම් ද මෙම පොතට ඇතුලත් කර ඇත.
ප‍්‍රධාන අරමුණ
මෙම මොඩියුලය ක‍්‍රමවත්ව කි‍්‍රයාවන නැංවීමේදී ප‍්‍රජාව තුළ සිටින පිරිස් තුළ බියර්, කසිප්පු, අරක්කු සහ සිගරට් ඉල්ලූම පවතින ආකාරය සහ එය අවම කරන ආකාරය හඳුනාගෙන ඉල්ලූම අවම කිරීමේ වැඩසටහන් කි‍්‍රයාත්මක කිරීමට පෙළඹේ.
විශේෂිත අරමුණු
1. මද්‍යසාර භාවිතය සහ දුම්වැටි භාවිතය කිරීම නිසා සිදුවන ආර්ථික හානිය හා අනෙකුත් හානි නිවැරදිව අවබෝධ කරගනී.
2. පුද්ගලයින් තුළ අරක්කු, කසිප්පු, සිගරට් ආකර්ෂණය කරවන සාධක දුර්වල කිරීම උදෙසා පුද්ගලිකව හා කණ්ඩායමක් ලෙස ගත හැකි පියවරයන්  අවබෝධ කරගනී.
3. මද්‍යසාර භාවිතයෙන් පසුව සිදුකරන රඟපෑම සහ ලබාගන්නා අවසරය අවබෝධ කරගනී.
4. මද්‍යසාර භාවිතය සහ දුම්වැටි භාවිතය වටා ගොඩනඟා ඇති බොරු මතයන් හා වැරදි ආකල්ප හඳුනා ගනී.
5. දුම්කොළ සහ මද්‍යසාර කර්මාන්තයේ (නීත්‍යානුකූල හා නීති විරෝධී* වක‍්‍ර සහ ඍජු බලපෑම් හඳුනා ගනී.
6. ප‍්‍රජාවේ සහ ජීවිතයේ සියලූම අවස්ථා මද්‍යසාර සමග සම්බන්ධ කර ඇති බව සහ එය වෙනස් කිරීමේ කි‍්‍රයා පිළිවෙළ හඳුනා ගනී.
7. මත්ද්‍රව්‍ය නිවාරණය සම්බන්ධ ජාතික, ග‍්‍රාමීය හා ප‍්‍රාදේශීය මට්ටමින් ප‍්‍රතිපත්ති කි‍්‍රයාත්මක කළ මැකි ආකාරය අවබෝධ කර ගනී.
8. මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහනක සාර්ථකත්වය මැන ගන්නා ආකාරය අවබෝධ කර ගනී.
මොඩියුලය භාවිත කරන්නන්ට උපදෙස්
මෙය කි‍්‍රයාවේ යෙදවීමට පෙර හොඳින් කියවා අවබෝධ කරගන්න.
එක් එක් කි‍්‍රයාකාරකම සිදු කිරීමට ප‍්‍රථම අදාල කොටස හොඳින් කියවා තේරුම් ගන්න.
අවශ්‍ය අවස්ථාවල නම්‍යශීලී වන්න.
සෑම කි‍්‍රයාකාරකමක්ම ප‍්‍රජාවට රසවත් හා සමීප කර ගන්න.
සෑම කි‍්‍රයාකාරකමක්ම කරගෙන යන විට එහි වෙනස මනිමින් ඉදිරියට යන්න.
එක් එක් කි‍්‍රයාකරකම අවසානයේදී ඔබ බලාපොරොත්තු වූ වෙනස නොවූයේ නම් එම කි‍්‍රයාකාරකම නැවත කරන්න.