4 Feb

පෙනහළු පිළිකාවේ නිරූපකයා පෙනහළු පිළිකාවකින්ම මියයයි…

70 දශකය අගභාගයේ මාල්බරෝ මිනිසා ලෙස එම සිගරට් ජනතාව අතර ජනප‍්‍රිය කරවීමට නිරීපණ ශිල්පියකු ලෙස කටයුතු කල එරික් ලෝසන් පසුගිය දිනක මියගියේය. මෙසේ ඔහු මිය යන විට 72 වියේ පසු වූ අතර වසර 20 ට ආසන්න කාලයක් පෙනහළු පිළිකාවකින් පීඩා විඳි බව ඔහුගේ භාර්්‍යාව මාධ්‍යට පවසා ඇත. එරික් ලෝසන් මාල්බරෝ මිනිසා ලෙස කටයුතු කල තුන් වැනි නිරූපණ ශිල්පියා වන අතර, එම සිගරට් ප‍්‍රචාරනය වෙනුවෙන් හවුල් වූ අනෙක් නිරූපන ශිල්පීන් හා නළුවන්ද මියගොස් ඇත්තේ සිගරට් භාවිතය නිසා හටගත් රෝගී තත්වයන් නිසා බව මේ වන විට හෙලි වී තිබේ.

එරික් ලෝසන්ව යොදා ගනිම්න් ඇමරිකාව පුරා හා ලොව පුරා විවධ ප‍්‍රචාරන වැඩසටහන් දියත් කෙරූ පිලිප් මොරිස් සිගරට් සමාගම තවමත් සිය ආදායම් උපයා ගන්නේ එසේ සිදුකල ප‍්‍රචාරන වැඩපිලිවෙල නිසායි. සිගරට් භාවිතය මිනිසුන් අතර ජනප‍්‍රිය කරවා මිනීමරු සමාගමක් පෝෂණය කිරීමට දායක වූ මෙවන් නිරීපණ ශිල්පීන් සිගරට් භාවිතය නිසාම මියයෑම කොතරම් දෛවෝපගත සිදුවීමක්ද?? ඔවුන් නිසා ලොව මිලියන ගණනක් මිනිසුන් තවමත් මියයමින් සිටී… අකල් මරණයේ නිර්මාපකයන් වන ලොව පුරා විසිරි සිටින සිගරට් සමාගම් සිය උත්සාහය අත්හැර නැති බවට පසක් වන්නේ තවමත් විවධ අයුරින් නිරූපණ ශිල්පීන් චිත‍්‍රපට හෝ වෙනත් මාධ්‍යන් හරහා සිගරට් ප‍්‍රචාරනයේ නිරත වීම පෙනෙන්නට තිබෙන නිසායි. එසේ නම් හසුවන්නට පෙර දැනුවත් වෙමු….