20 Dec

පැකට්ටුව නම් වෙනස් කල යුතුමයි.

මේ වන විට ඔබ දැනුවත් ඇති අපේ රටේ සෞඛ්‍ය අමාත්‍යංශය විසින් රටේ විකිණීමට ඇති සියළු සිගරට් පැකට් මත රූපමය සෞඛ්‍ය අවවාදයන් දැමීමට නීති ඉදිරිපත් කර ඇති වග. ඒත් මේ වන විට එම නීතිය අභියෝගයට ලක්කරමින් සිගරට් සමාගම විසින් එයට එරෙහිව අභියාචනාවක් ඉදිරිපත් කොට ඇති නිසා එය කි‍්‍රයාත්මක වීමට කල් ගත වන බව පෙනෙන්නට තිබේ. සිගරට් සමාගම කූට ලෙස මෙම රූපමය දැන්වීම් පැහැරහැරීමට මෙය සිදුකරන ලද බව ලෝකයේම ඇති උදාහරණ වලින් පෙන්විය හැක්කේ මෙම නීතිය සම්මත කරගැනීමට අනෙක් රටවල් ගත් සියළු උත්සාහයන් වලදීත් ඒ ඒ එටවලට ව්‍යාපාර කටයුතු වල නිරත වන සිගරට් සමාගම් මෙවැනිම පිළිවෙතක් අනුගමනය කල නිසායි.

මෙහිදී අපි රටක් ලෙස සිතිය යුත්තේ සිගරට් සමාගම් යමකට එරෙහි වනවා නම් ඒ ඔවුන්ට අවාසිදායක දෙයක් වළක්වා ගැනීමට බවයි. එමෙන්ම ඔවුන්ට අවාසිදායක වනවා යනු ලෝකයේ මිනිසුන්ට මහා යහපත්ක්ම වන බවයි. සිගරට් සමාගම් නීතිමගට පිවිසීම නිසා සෞඛ්‍ය අමාත්‍යංශය ගත් තීරණය හකුලා හෝ අඩපණ කරගත යුතු නොවේ. එසේ නොවීමට වගබලා ගැනීමට අමාත්‍යවරයා ඇතුළු මේ සම්භන්ධයෙන් වගකිවයුතු සියළු පාර්ශවයන් කටයුතු නොකලහොත් ඉන් අභාග්‍යසම්පන්න තත්වයක් උදාවීමට ඉඩ ඇත. ඕස්ෙටි‍්‍රලියාවේ මේ තත්වය උද්ගත වූ අවස්ථාවේ එරට රජය කි‍්‍රයාකල ආකාරය ප‍්‍රසංසනීයයි. අග‍්‍රාමාත්‍යවරිය හා සෞඛ්‍ය අමාත්‍යවරිය සිගරට් කොම්පැණිවල උත්සාහය පැරදවීමට කටයුතු කළේ සබෑ ජනතා හිතවාදී ස්ථාවරයක සිටයි. සිගරට් සමාගම් වලට අවශ්්‍ය ලෙස කටයුතු කිරීමට නොලැබීම නිසා මේ වන විට ඕස්ෙටි‍්‍රලියාවේ සිගරට් පැකට්ටු මත රූපමය අවවාද පමණක් නොව ඒවා තනි වර්ණයේ ආකර්ෂණීය නොවන සිගරට් පැකට්ටු බවට පත්ව ඇත.
රටක් ලෙස අපටද ලැබී ඇත්තේ මහගු අවස්ථාවකි. අද වන විට අපේ වෙළඳපොලේ පවතින අලංකාර සිගරට් පැකට්ටු සිගරට් සමාගමේ ප‍්‍රධාන ප‍්‍රචාරණ උපක‍්‍රමයයි. එය රූපමය දැන්වීම් වලින් වෙනසකට භාජනය විය යුත්තේ අද සිගරට් පැකට්ටුවට දරුවන් ගේ ආකර්ශණය හිම්වීම වැළැක්වීමටයි. සමහර වෙළඳසැල් හා සුපිරි වෙළඳසැල් වල ඉතා අලංකාර ලෙස විදුළි බුබුළු වලින් සරසා ලිංගික අප‍්‍රාණකත්වය විකුණනවා ඔබ දැක තිබේද ? සිගරට් බොන්නකු සතු අනන්‍ය වූ ගඳ හෝ අවලස්සන වන මුහුණ පැකට් කර විකුණනවා දැක තිබේද ?
එසේ විකුණන්නේ සිගරට්ය…

ඉහත ලක්ෂණ සිගරට් පැකට්ටුවේ මුල් මුහුණතේ 80 % කින් ආවරණය කර දැමුවහොත් වර්ථමානයේදී මෙන් සිගරට් සමාගම් අත්‍යාලංකාරයෙන් ඒවා විකිණීමට උත්සාහ ගනියිද? නැත…

සිගරට් සමාගම් සෑම කාළයකදීම සිදුකලේ අමු අමුවේ සත්‍ය වසන් කිරීමයි. පාරිභෝගිකයාගෙන් සත්‍ය වසන් නොකළහොත් ඔවුන්ට සිදුවන්නේ පාඩු ලැබීමටයි. සමාගම් මේ වෙලාවේ ඔවුනට සිදුකළ හැකි සියළු දේ සිදුකරනවා ඇත්තේ රූපමය අවවාදයන් පමා කිරීමට හෝ ඒවායේ සැර බාල කිරීමටය. රටේ ජනතාව ලෙස මෙහි අවසානයේ කෙසේ සිදුවන්නේ දැයි දෑස් අයාගෙන අවධියෙන් බලා සිටිය යුතතේ එය අපේ දරුවන්ගේ අනාගතය තීරණය කරන්නක් වන නිසායි. අනාගතයේ දරුවන්ගේ තොල් අතර සිගරට්ටුවක් තැබීම වැළැක්වීමට නම් සිගරට් භාවිතයේ සැබෑව එහි අසුරනයේම දක්වා එවීම කළයුතුම වේ.