7 Jul

පා පන්දු ලෝක කුසලානයේ බියර් කොම්පැණි වලින් ගන්න ගෝල…

මෙවර ලෝක කුසලාන පා පන්දු තරගාවලිය බ‍්‍රසීලයේ නගර 12 ක පැවැත්වෙද් දී එම තරග සඳහා ලොව පුරා අති උන්මාදයක් මේ වන විට ඇතිවී තබෙන බව පෙනෙන්නට තිබෙනවා. මෙම පා පන්දු උන්මාදයෙන් කවදත්් ප‍්‍රයෝජන ගත් පිරිසක් ලෙස බියර් සමාගම් හැඳින්විය හැකිය. මෙවරත් ඔවුන්ගේ ව්‍යාපාරික අරමුුණු මුදුන්පමුණුවා ගැනීමට ලෝකයේ සියළුම බියර් සමාගම් කටයුතු කරමින් සිටින බව පෙනෙන්නට තිබෙනවා. මොවුන්ගේ අරමුණ කුමක් ද? සරල උත්තරය ලෝකයේ බොහෝ පිරිසකට බියර් පොවා සිය ව්‍යාපාර සාර්ථක කරගැනීමයි. ඊටත් වඩා සිය බියර් නිෂ්පාදනයන්ගේ වෙළඳනාමයන් ලොව පුරා පේ‍්‍රක්ෂකයන්ගේ අවදානයට සැලැස්වීමයි.

වසර 04 ට වරක් ලොව හමුවේ රඟදැක්වෙන පා පන්දුවේ අසිරියේ එළියෙන් බැබලීමට උත්සාහා ගන්නා සමාගම් අතර මුල් තැනක් බියර් සමාගම් වලට හිමිවේ. පා පන්දු හා බැඳි බිලියන ගණනක් ජනතාව අතර සිටින දරුවන් හා තරුණ පිරිස බියර් කර්මාන්තයේ ප‍්‍රධාන ඉලක්කයයි. සෑම ලොක කුසලාන පා පන්දු තරගාවලියක් අවසානයේම ලෝකය පුරා බියර් සමාගම් විසින් සිය වෙළඳනාමය වටා මිලියන ගණනින් අළුත් බියර් බොන්නන් එක් කර ගන්නා බව නොරහසකි. අළුතින් බියර් භාවිතයට පුරුදු වූවන් යනු තව වසර ගණනකට පාරිබෝගිකයකු බඳවාගැනීමකි.
 
මද්‍යසාර සම්බනධයෙන් මිත්‍යාව හා බොරුව වැපීරීමට පා පන්දු ලෝක කුසලානය තරම් අවස්ථාවක් බියර් කොම්පැණි වලට තවත් නැතිතරම්. බියර් භාවිතය අපහසු, අප‍්‍රසන්න, හා කිසිදු ආකාරයකින් සතුට විනෝදාස්වාදය ගෙනදෙන්නක් නොවූවත් ඒ සත්‍ය සම්පූර්ණයෙන්ම විකෘත්ති කෝට බියර් බොන එක සතුටු, විනෝදකාමී හා ක‍්‍රීඩාශීලි දෙයක් ලෙස පෙන්වීමට පා පන්දු ලෝක කුසලානයේදී බියර් සමාගම් කටයුතුකරයි. එය 2014 දී ද එසේම වෙමින් පවතින බව ලෝකයේ මෙන්ම අපේ රටේ බියර් කර්මාන්තයේ හැසිරීමෙන් හොඳින්ම පැහැදිලි වේ.

සෑම පා පන්දු තරග පැවැත්වෙන පිටියකම බියර් වෙළඳනාමයක් දැකගත හැකි අතර, විකාශය වන රූපවාහීණි නාළිකාවල වෙළඳ දැන්වීම් විකාශය වේ. අපේ රටේද කේබල් නාළිකා වල බියර් දැන්වීම් ප‍්‍රචාරය කෙරෙන අතර, බියර් සමාගම් විසින් තොරාගත් හෝටල් පර්ස‍්‍රයන් තුල පුළුල් තිර මත තරග විකාශය කොට බියර් භාවිතයට අවස්ථාව සලසා දෙන අතරම ප‍්‍රචාරණයන් සිදුකර ගනී. අපේ රටේ පවතින නීතියේ හැටියට නම් බියර් සමාගමක අනුග‍්‍රාහකත්වයකින් මෙවැනි අවස්ථා සංව්ධානය කිරීම වරදකි. එහෙත් කූට බියර් සමාගම් එම නීතිය තඹයකට මායිම් කරන හැඩක් දක්නට නොලැබේ. එම සමාගම් වල අවසන් ඕනෑකම ලාභ උපයා ගැනීමයි. අනාගතයටද ලාභ උපයා ගත හැකි වටපිටාවක් අති කිරීමයි. ඒ වෙනුවෙන් බියර් සමාගම් ඕනෑම නීතිවිරෝධී දෙයක් වුවත් කිරීමට සූදානම් බව අපේ රටේ මෙන්ම ලෝකය පුරා දක්නට ඇති සාකිෂි වලින් හොඳින් පැහැදිළිවේ.