24 Feb

පාර්ලිමේන්තුවේත් සම්මතයි.

සිගරට් පැකට් මත රූපමය අවවාද දැමීම අනිවාර්ය කරමින් පාර්ලිමේන්තුවද යෝජනා සම්මත කරගන්නා ලදී. ඒ අනුව මාස 18 ට වැඩි කාලයක් පුරා ප‍්‍රමාද වූ සිගරට් පැකට් මත 80% ක ප‍්‍රමණයෙන් රූපමය අවවාද මුද්‍රණය කිරීම ඉතා නුදුරේදීම අපේ රට තුලත් දියත් වනු ඇති. මේ වන විට දුම්කොළ සමාගම විසින් ගොනුකර ඇති පෙත්සම සලකා බැලීම හා එහි අවසන් තීන්දුව ලබා දීම මැයි මස 12 ට නියම වී ඇත. එම තීන්දුවත් රටේ උත්තරීතර පාර්ලිමේන්තු නියෝජිතයන් සම්මත කරගන්නා ලද යෝජනාවම වනු ඇති. වසරකට වැඩි කාලයක් රූපමය අවවාදයන් දැමීමෙන් කට්ටි පනිමින් සිටි දුම්කොළ සමාගම ඒ අතර තුර අපේ රටේ දරුවන් කොතරම් ප‍්‍රමණයකට සිගරට් භාවිතය පුරුදු කරවන්න ඇතිද?

මෙම වැඩපිළිවෙල රටක් තුල දියත් කිරීමේ ප‍්‍රධාන අරමුණ සිගරට් භාවිතයට හුරුවීම එය ආරම්භ කිරීමට පෙළඹෙන දරුවන්ට සිගරට් භාවිතයේ නිවැරදි අවබෝධය ලබාදීමයි. භාවිතා කරන්නන් රූපමය අවවාද වලට නිතරම නිරාවරණය වීම මගින් ඉන් ක‍්‍රමිකව ඉවත් වීම එහි තවත් අපේක්‍ෂාවකි. කෙසේ වෙතත් අපේ රටත් සිගරට් භාවිතය අවම කිරීම සඳහා නිවරුදි ඇමතීම මෙන්ම මැදිහත් වීම සිිදුකරන රටවල් අතලොස්සට එක් වී හමාරයි. එහෙත් සටන අවසන් නැත, සිගරට් භාවිතය හා සමගම රටේ වෙනත් මත්ද්‍රව්‍ය නිසා ඇතිවන ගැටළු වලටද ඵලදායී විසඳම් ක‍්‍රමිකව දියයුතුයි. සරලව කිවහොත් විසඳම් දෙනතුරු බලා සිටින්නේ නැතිව ගැටළුව වෙනුවෙන් ස්වාධීන මැදිහත් වීම සිදුකලයුතු කාලයයි මේ. එහිදී සිගරට් කර්මාන්ත කරුවන්ගේ මෙන්ම මද්‍යසාර කර්මාන්තයේද උපායන් හඳුනාගැනීම තම තමන්ගේ අවබෝධයෙන් සිදුකල යුතුයි. එසේ සිහිබුද්ධියෙන් සිටීම බොහෝ පිරිසක් භාවිතයට හසුනොවී බේරීමට හේතුවක් වනවා නිසැකයි.