20 Sep

දුම්කොළ සමාගමේ කි‍්‍රයාකලාපය හෙලාදකිම්න් සාමකාමී උද්ඝෝෂනයක් කොටුව දුම්රියපොළ ස්ථානයේ….

අතිගරු ජනාධිපතිතුමාගේ මතට තිත ප‍්‍රතිපත්තියට එරෙහිව…. හා ගරු සෞඛ්‍ය අමාත්‍යතුමාගේ දුම්කොළ පාලන ප‍්‍රතිපත්තියට එරෙහිව දුම්කොළ සමාගම විසින් ගෙන ඇති පියවරයන්ට විරෝධය පල කිරීම සඳහා 500කට අධික ජනතාවගේ සහභාගිත්වයෙන් සාමකාමී විරෝධතා ව්‍යාපාරයක් අද (සැප්තැම්බර් 17)දින කොටුව දුම්රිය ස්ථානයේ පැවැත්විනි. එහිදී විවිධ ප‍්‍රදේශ වල සිට ඒ වෙනුවෙන් දුම්වැටි විරෝධී කි‍්‍රයාකාරීන් පැමිණ විරෝධතාවයක් පැවැත්වූයේ සිගරට් සමාගමේ ක‍්‍රියාකලාපය හෙලාදකිම්න් හා එයට සිය දැඩි විරෝධය පලකරමිනි. මෙහිදී විරෝධතා පුවරු රැසක් ප‍්‍රදර්ශනය වූ අතර ඒවායේ සිගරට් පාලනයට සෞඛ්‍ය අමාත්‍යතුමා හා රජය ගන්නා පියවරයන්ට සහය පලකිරීම මෙන්ම සිගරට් කර්මාන්තය නිසා රටට හා දරුවන්ට සිදුවන හානිය සඳහන්ව තිබිණි.
 

කොටුව දුම්රිය පොළ ස්ථානයේ මෙවන් මහජන සහභාගීත්වයකින් සාමකාමී උද්ඝෝෂනයක් සිදුකිරීම මගින් ඒ අවට රැුස්වූ අතිවිශාල ජනකායකගේ අවබෝධය ඒ වෙනුවෙන් වැඩි කීරීමට හැකි වූ බව දුම්වැටියෙන් නිදහස් දේශයක් උදෙසා ජාතික එකමුතුව සඳහන් කර සිටියේය. මෙම සංව්ධානය සිගරට් භාවිතය අඩු කිරීම උදෙසා රට පුරාම සකී‍්‍රයව වැඩකටයුතු සිදුකරන රාජ්‍ය හා රාජ්‍ය නොවන සංව්ධාන, තරුණ පිරිස් සාමාජිකත්වය දරන සංව්ධාන රැුසක එකමුතුවෙන් සාදන ලද සංව්ධානයකි.