24 Nov

දිවි ගලවා ගැනීමේ උත්සාහයක නිරත වන සිගරට් සමාගම් මේ වන විට දරන උත්සාහයන් – 02

මීට පෙර කොටසේදී දැනුවත් කර පරිදි මේ වන විට ලොව පුරා සිගරට් කර්මාන්තයන් විසින් සිදුකරගෙන යන කූට මැදිහත්වීම් තවත් බොහෝ ප‍්‍රමාණයක් ඇත. ඒවා මගින් සිය ව්‍යාපාරයේ පැවැත්ම දිනක් හෝ ආරක්ෂා කරගැනීම ඔවුන්ගේ අරමුණයි. ඒ අරමුණ ජයගැනීමට ඉඩ නොදීමට නම් කර්මාන්තයන් එසේ දරණා උත්සහයන් පිළිබඳව අල්ප හෝ දැනුමත් තිබීම වැදගත් වේ. මිනීමරු සිගරට් කර්මාන්තයේ තවත් උපක‍්‍රමයන් මෙසේ ඉදිරිපත් කරමි.

06. සිගරට් වෙනුවට විකල්ප හඳුන්වාදෙමින් යාම
මේ වන විට ලෝකය පුරාම ජනප‍්‍රිය වෙමින් පවතින විද්‍යුත් සිගරට්ටුව :E Cigarette ම්ට උදාහරණ ලෙස හඳුන්වාදිය හැකිය. මෙමගින් සිගරට් භාවිතයේම මිනිසුන් සිරකර ඊළඟ ආදායම් මාර්ගය බවට එය පත්කරගනිමින් සිටී. මෙම ඉලෙක්ට්‍රොනික් සිගරට් කර්මාන්තයත් සිගරට් සමාගම් වලම තවත් ව්‍යාපාරයක් වන අතර සාම්ප‍්‍රදායික සිගරට්ටුවෙන් ක‍්‍රමිකව ඉවත් වීමට අවශ්‍ය පුද්ගලයන්ට සමාගම් විසින් මෙම ක‍්‍රමය අත්හදා බැලීමට දිරිමත් කරයි. මෙහි ඇති තවත් රසවත් සිද්ධියක් වන්නේ සිගරට් භාවිතය නැවැත්වීමට බෙහෙත් හෝ විවිධ රසායනික ක‍්‍රම භාවිතය හඳුන්වාදෙමින් සිගරට් සමාගම් එය අදායම් මාර්ගයක් බවට පත්කරගෙන තිබීමයි. මෙහිදී සමහර බෙහෙත් වර්ගයන් සිදුකරන්නේ සිගරට් බොන අතරතුරදීම එම ඖෂධය භාවිතයට අවස්ථාව ලබා දීමයි. එහිදී නිකොටීන් මගින් ඇතිකරන හානිය වලක්වන බව පවසන ඖෂධ සමාගම සිගරට් බොන පුද්ගලයා සම්පූර්ණයෙන් සිගරට් භාවිතයෙන් ඉවත් කිරීමට කටයුතු කරන්නේ නැත. ඒවායේ යටි අරමුණ මේ සියල්ලටම පිටුපසින් සිටින යෝධ සිගරට් සමාගමක පැවැත්ව තහවුරු කරගැනීම විය හැකිය.

07. ගංජා නීතිගත කිරීමට ලොකයේ රාජ්‍යන් පෙළඹවීම
ගංජා කර්මාන්තයට තවමත් සමාගමක් හෝ පැහැදිල් කර්මාන්තයක් පෙනෙන්නට නැතත් ලෝකයේ සිගරට් කර්මාන්තය වැනසී යනවාත් සමගම ඊළඟ හිස ඔසවන කර්මාන්තය ගංජා බවට පත්කිරීමේ උපායක මේ වන විට සිගරට් කර්මාන්තය යෙදී සිටී. එහිදී දුම්කොළයෙන් ඊළඟ පියවර තැබීමට ඒ සඳහා ලොකය නැඹුරු කර ගැනීමේ වැඩසටහන් මේ වන විට අපේ රටේද ක‍්‍රියාත්මක වෙමින් පවතින බව පෙනෙන්නට තිබේ. ඇමරිකාවේ ප‍්‍රාන්ත දෙකක් මේ වන විටත් මේ උගුලට හසුවී ඇති අතර නෙදර්ලන්තය හා උරුගුවේ වැනි රටවල් ගංජා නිතිගත කොට ඇත. සිගරට් කාර්මාන්තයේ ඊලඟ උපාය ගංජා කර්මාන්තය හරහා ලෝකය ගිල ගැනීම බව මේ උත්සහයන් වලින් පැහැදිලි වේ.

08. වක‍්‍ර ප‍්‍රචාරණයන්ට අවකාශ ලබා ගනිමින් දරුවන්ට හා තරුණයන්ට සිගරට් භාවිතය උරුමකර දීමට නිතිපතා උත්සහා ගැනීම.
අපේ රටේ පවතින සමාජ මතය සිගරට් සමාගමට නම් හිතකර තත්වයක් නොවේ. මන්ද අද වන විට සිගරට් භාවිතා කරන පුද්ගලයන් දෙස මිනිසුන් උපහාසයෙන් බැලීමට පුරුදු වී ඇති නිසා කාලයකට ඉහතදී උජාරුවට උරපු සිගරට්ටු අද මුළු ගැන්වී හෝ සැඟවී භාවිතා කිරීමට සිද්වී තිබෙනවා. එහෙත් මෙම අභියෝග ශැකිතරම් පාළනය කිරීම සිගරට් සමාගමේ දිගුකාලීන අරමුණයි. එහිදී මේ වන විට තරුණ පිරිසගෙන් ප‍්‍රතික්ෂේප වෙමින් යන සිගරට් වලට අළුත් මුහුණුවරයන් ලබාදීමට බොහෝ වැඩපිළිවෙල සංව්ධානය වී තිබෙන බව කිව හැකිය. මෑතකදී වෙළඳපොළට හඳුන්වා දුන් විශේෂ සිගරට් නැවත තරුණයන් ඒ වෙත අද්දවා ගැනීමේ එක් උත්සාහයක් ලෙස පෙනී යයි. මෙහිදී සිගරට් සමාගම විසින් ස්විචයක් සහිත සිගරට්ටුවක් හඳුන්වා දුන් අතර වෙනත් සිගරට් වලට වඩා වැඩි මිලක් වුවත් අත්දැකීමක් ලෙස හා නිෂ්පාදන විවිධාංගීකරණයක් ලෙස ගත්කල එය සිගරට් සමාගමට වාසිදායක වියහැකිය. ඒ අතරම ඉලෙන්ට්‍රොනික් සිගරට් අන්තර්ජාලයේ විකිණීමට තිබීම, සිගරට් භාවිතය නැවැත්වීමට උත්සහා ගන්නා පිරිසට එය ඉතා අපහසු කාර්යක් ලෙස හැඟවෙන දේ රටපුරා සිදුවීම මෙහිදී පෙන්වා දීය හැකිය.

සිගරට් වෙළඳදැන්වීම් දැමීම ලෝකයේ ප‍්‍රතිපත්ති මගින් අත්හිටුවන විට ජනප‍්‍රිය පුද්ගලයන් ලවා චිත‍්‍රපටි හා ටෙලිනාට්‍ය මෙන්ම අනෙකුත් කලා නිර්මාණයන් තුල සිගරට් බොන එක සාමාන්‍ය දෙයක් බවට පත්කොට පෙන්වීම මෙහිදී සිදුකරනු ලබයි. එය ලෝකයේ ඉතිහාසයේ සිට අද දක්වාම වෙමින් පවතින දෙයක් වන අතර අද වෙනදාට වඩා ඉතාමත් සූක්ෂම අයුරින් සිදුවන බව පෙනෙන්නට තිබේ.

09. හොර සිගරට් කර්මාන්තයක් පෙන්වීම
රාඩ්‍යන් විසින් සිගරට් භාවිතය අවම කිරීමට කටයුතු කරන අවස්ථා වලදී අඩු මිල සිගරට් එම රටවලට ගෙන්වන කණ්ඩායම් මගින් භාවිතය පවත්වාගෙන යාමට හොර සිගරට් කර්මාන්තය කටයුතු කරයි. මෙම හොර යැයි කියන කර්මාන්තයේත් මුදුන් මුල් ඇත්තේ ලෝකයේ ප‍්‍රධාන පෙලේ සිගරට් කර්මාන්තයන් ආසන්නයේයි. ඔවුන් විසින්ම නිෂ්පාදනය කොට හොර රහසේ නිකුත් කරනු ලබන සිගරට් සිගරට් භායිතය අඩු කිරීම වෙනුවෙන් උත්සාහ දරන රටවලට ඇතුල් කිරීමේ ජාවාරම හරහා සිගරට් සමාගම් ඔප්පු කිරීමට තැත් කරන්නේ නීත්‍යානූකූල සිගරට් භාවිතය අවම කිරීමට කටයුතු කිරීම ඵලදායි නොවන ක‍්‍රියාමාර්ගයක් බවයි. එම ක‍්‍රියාමාර්ග ණිසා හොර සිගරට් ප‍්‍රචලිත වන බවයි. ඒ සියළු කටයුතු පිටුපස ඇති මහා අදෘශ්‍යමාන බලවේගය වන්නේ සිගරට් කර්මාවන්තයමයි. ඒ අනුව හොර සිගරට් යනු සිගරට් කර්මානතයේම වාසිය උදෙසා ක‍්‍රියාවට නංවන කොටසක් මිස බාහිර පාර්ශවයක් විසින් සිදුකරනු ලබන්නක් නොවේ.

10. නිෂ්පාදන සීග‍්‍රයෙන් විවිධාංගීකරණයට ලක්කිරීම.
උපේ රටේ මෙම තත්වය ඉතා හොඳින් දකින්ට ලැබුණු අතාර සිගරට් භාවිතය කෙමෙන් අඩුවීමත් සමග වෙළඳ උපායක් ලෙස සිගරටි විවිධ අගයන් එක්කොට නිෂ්පාදනය කිරීමට විය. එහිදී නිතරම සිගරට් පැකට් වල බාහිර ස්වරූපය වෙනස්කරන අතරම සිගරට් වර්ගද වෙනස්කම් සමග වෙළඳපොළට එවීම සිදුකරන ලදී. ස්විච් සිගරට් හා තාර අඩු යැයි පවසා ලයිට් සිගරට් වෙළඳපොළ වෙත පැමිණෙන්නේ ඒ අනුවය. මෙම උපාය නිසා සිගරට් භාවිතයට අළුත් පිරිසක් එක් කරගැනීමට හැකිවන්නේ නිෂ්පාදනයට ලබාදී ඇත් වටිනාකම හා අලංකාරත්වය හේතුකොට ගෙනයි. අනෙක් අතට දැනට සිගරට් බොන පිරිසට එම පුරුද්ද නවතා ගැනීමට උවමනා වුවත් එම තීරණය පමා කරීමට මෙවන් ක‍්‍රියාමර්ග හේතුවේ. බොහෝ සිගරට් වර්ගයන් වෙළඳපොළේ තිබීම තුලින් ඔනෑම පාරිබෝගිකයකුට තෝරාගැනීමේ හැකියාව වැඩිකර ඇති අතර කාලයක් භාවිතයේ සිටි සිගරට්ටු වර්ගයේ සිට වෙනත් සිගරට්ටුවක් භාවිතයටද පහසුකම් මෙම උපාය මගින් සපයා දේ.

මෙසේ සිගරට් කර්මාන්තය ලෝකය පුරාම ප‍්‍රධන උපායන් දියත් කරම්න් පවතී, ඒවා සියල්ලම අඩු වැඩි වශයෙන් අපේ රටේද ක‍්‍රියාත්මක වන බව පෙනෙන්නට තිබේ. අවම වශයෙන් මිනීමරු සිගරට් කර්මාන්තයන් ගැන නිවැරදි තක්සේරුවක් අපි සෑම අයෙක් සතුව තිබිය යුතුය.