29 Dec

දමිල සිනමාවේ සිගරට් වෙළෙන්දා

කොලිවූඩි සිනමාව නොහොත් දමිල සිනමාවට භාෂා භේදයකින් තොරව අපි කවුරුත් ආදරය කරනවා. රමණිය මනබඳින ආදර කතා මෙන්ම ත‍්‍රාසයෙන්, භීතියෙන් රසිකයා කුළු ගැන්වීමට හැකි සුවිෂේශි හැකියාවක් මෙම සිනමාවේ නිර්මාණ කරුවන්ට තිබිම ලොව පුරා රසිකයන් ඒ වටා එක් රොක් වීමට හේතුවයි. අපි දන්නවා ලෝකයේ සිනමාවේ ප‍්‍රබලත්වය කොතරම් ද කියා එය අපුරු ප‍්‍රචාරණ මාධ්‍යක් මෙන්ම මිනිසුන්ට විනෝදාස්වාදය ලබාදෙන යාන්ත‍්‍රණයක්.

එමනිසාම මෙම ක්ෂේත‍්‍රය මිනිසුන්ගේ දැනුම, ආකල්ප හා අවබෝදයට බපලෑම් කරන ප‍්‍රබල ආයුධයක් වී තිබෙනවා. එතරම් සාර්ථක මාධ්‍යක් මිනිසාට පාරාවලල්ලක් වී ඇති ආකාරයකුත් පෙනෙන්ට තිබීම කණගාටුවට කාරණයක්. එසේ කීමට උදාහරණ සපයමින් නිතර දෙමල සිනමාව හරහා කරළියට එන මේ මාතෘකාව නමි අපි ආදරය කරන සිනමාව අපිට දෙන අමිහිරි දායාදයක් ගැනයි. එනම් සිගරට් චරිත සිනමාවේ ගොඩනැගීම දිගින් දිගටම සිදු වීමයි, මෙයට ඕනෑතරම් සාකිෂි නිතරම ඔබත් මාත් දැක අත්විඳ තිබුණත් මේ එවන් අළුත්ම සිගරට් චරිතයේ සිනමාත්මක පෙළගැස්මයි. දෙමළ සිනමාවේ නිතරම සිගරට් චරිතයට පණපොවන්නා කවුද කියා ඇසුවහොත් එම සිනමාපට නරඹා ඇති කුඩා දරුවකු උවද පැකිලීමකින් තොරව කියන නමක් තමයි විජේ කියන්නේ. සිනමා භාෂාවෙන් කීවොත් ”සුපර් ස්ටාර් විජේ”.

රසිකයන්ට සිනමාව මේ නළුවා හරවා සිගරට් පෙවීමේ උපක‍්‍රමය මෑතක සිට පාවිච්චි කරන්නක් නොවේ. එය සනාථ කරමින් ඔහුගේ නවතම සිගරට් ජවනිකා සහිත චිත‍්‍රපටයේ වැඩ සුභ නැකතින් මැයි 01 සිට ඇරම්භ කර ඇති බව අන්තර්ජාලය වාර්ථා කර තිබුණා. මෙය නමින් ”තුප්පාක්කි” ලෙස නම් කොට තිබූ අතර ඒ වෙනුවෙන් නිතුත් කල රූපරාමුවේ මහා නළු විජේ සුරුට්ටුවක් උරන දර්ශනයක් තිබීම මේ කරන්නට යන චිත‍්‍ර පටය කෙබඳු දැයි අවබෝද කරගැනීමට සෑහේ යයි සිතමි. නිතරම අධ්‍යක්ෂකවරුන් විජේ ගේ චරිත සමග බියර් සිගරට් හෝ අරක්කු යොදාගන්නේ ඔහු මෙම සිනමාවේ ජනප‍්‍රියම නළුවා නිසා යයි සිතිය හැකිය. ඒ වාගේම අනෙක් නළුවන්ට සිගරට් පොවා සිගරට් කොම්පැණියට අල්ලලා දෙන පිරිසට වඩා වැඩි පිරිසක් විජේ ගේ චරිත හරහා අල්ලලා දෙන්න හැකි වීම ද මෙයට හේතුවක් විහ හැකියි.

ඒ කියන්නේ මේ සමාගම් වල කොන්ත‍්‍රාත්තුව හොඳටම කරන්නේ අපි මාර පොරක්, නළුවෙක් කියලා ඔළුවේ තියන් ඉන්න විජේ ද ????

අරක්කු බියර් සිගරට් වලට වැඩියෙන්ම දරුවන් බිලි බා ගන්නේ විජේ කියන සිනමා ඇම අපේ දරුවන්ට ගිල්ලවලා ද ????