3 Oct

තවත් නගරයක් සිගරට් විකිණීමෙන් ඉවත් වේ….

මද්‍යසාර හා මත්දව්‍ය තොරතුරු මධ්‍යස්ථානය හා මාරතැන්න ප‍්‍රාදේශීය රෝහල ඒකාබදධව කි‍්‍රයාත්මක කල මත්දව්‍ය නිවාරණ වැඩසටහන් වල ප‍්‍රතිඵලයක් ලෙස මාරතැන්න නගරයේ… වෙළඳසැල් හිමියන් සිගරට් අලෙවිය 2013. 09.28 දින නතර කිරීමට තීරණය කෙරුණි. මේ සම්භන්ධයෙන් මාරතැන්නන රෝහලේ දී ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් පැවැත්වූ අතර මාරතැන්න ප‍්‍රාදේශීය රෝහල් භාර වෛද්‍ය නිළධාරී හසිත අත්තනායක මහතා ප‍්‍රකාශ කර සිටියේ බෝ නොවන රෝග සායනය විසින් සිදුකරන ලද සමීක්ෂණයකට අනුව අනාවරණය වූයේ මෙහි ප‍්‍රතිකාර ලබාගැනීමට පැමිණෙන රෝගීන්ගෙන් 80% ම සිගරට් අරක්කු භාවිතය නිසා ලෙඩ රෝග වලට ගොදුරු වූ පිරිස් බවයි. එම නිසාම ප‍්‍රදේශයේ පාසල් වැඩසටහන්, කඩහිමියන් දැනුවත් කිරීමේ වැඩසටහන් තරුණ තරුණියන් දැනුවත් කිරීමේ වැඩසටහන් 2012 නොවැම්බර් මාසයේ සිටම මේ දක්වා ක‍්‍රියාත්මක කරමින් සිටින බවයි. මෙම වැඩසටහනේ දී තවදුරටත් අදහස් දැක්වූ ්ෘෂක්‍ ආයතනයේ සම්බන්ධීකරන නිළධාරී ඒ. සී. රහීම් මහතා පැවසුවේ දවසකට අපේ මිනිසුන් 60 ක් පමණ මරා දමන හා ඒ වෙනුවට තවත් 80 ක් පමණ දරුවන් පිරිසක් ඉතා සුක්ෂමව පුරුදු කරන ක‍්‍රමවේදයක් සෑමකල්හිම ක‍්‍රියාත්මක වූ බවයි. එසේම අකල් මරණ හා ලිංගික අප‍්‍රාණිකත්වය, අවලස්සන පෙනුමක් මිනිසුන්ට ගෙන දෙන සිගරට් භාවිතයෙන් මාරතැන්න ප‍්‍රදේශවාසීන් බේරාගානීමට කඩ හිමියන් ගත් තීරණය රටටම ආදර්ශයක් ලෙස ගතහැකි බවයි.

 

වෙළඳ සංගමය නියොජනය කරමින් කථාකල නිලන්ත කුමාර මහතා ප‍්‍රකාශ කර සිටියේ ”අපිවත් රවට්ටලා අපේ ළමයින්වත් හසු කරගන්න දුම්කොළ සමාගම් මේ කරන ක‍්‍රියාදාමය තරයේ හෙලා දකින බවයි.” අපි දිගින් දිගටම මෙය පවත්වාගෙන යමින් මින් ඉදිරියට දුම්කොළ සමාගමේ මේ කූට උපක‍්‍රම වලට හසුනොවන වටපිටාවක් ඇතිකිරීමට අපේක්‍ෂා කරන බව වැඩිදුරටත් ප‍්‍රකාශකර සිටියේය. මෙම වැඩපිළිවෙල සම්පූර්ණයෙන්ම ප‍්‍රදේශවාසීන්ගේ උනන්දුව හා උවමනාව මත සිදු විම සතුටට කැරුණයක් ලෙස පෙන්වාදෙන ලදී.


එසේම මෙම වැඩසටහනට ප‍්‍රදේශයේ තරුණ කණ්ඩායම් වල ඉතා හොඳ සහයෝගක් ලැබුණ අතර ඊට එය සංකේතවත් කරමින් ක‍්‍රිකට් තරඟාවලියක්ද සංවිධානය කර තිබූ අයුරු දක්නට තිබිණි. මේ ආකාරයට රටේ සිගරට් අලෙවියෙන් ඉවත් වන පිරිස වැඩි වී ජනතාවද ඒ සම්භන්ධයෙන් නිවැරදිව අවබෝධ වීමෙන් සිගරට් භාවිතයෙන් දැනට රටට සිදුවන හානිය බොහෝ දුරට අවම කරගැනීමට හැකිය. මේ වන විට මෙවන් වැඩසටහන් රට පුරා ක‍්‍රියාත්මක වීමෙන් වැල්ලවාය, බඩල්කුඹුර, හෝමාගම, ගනේවත්ත හා තවත් බොහෝ නගර විවිධ මට්ටමෙන් මෙම ක‍්‍රියාමර්ගයට එළඹී තිබේ.