15 Feb

ටෝනි ග්‍රේග් ව උදුරගත්තා….

ලෝකයේ ඕනෑම ජීවියෙක් මියයෑම අපි කවුරුත් අත්විඳින පරම සත්‍යකිි. ඒත් මේ ලෝකයේ කිසියම් ජීවයකට ඉක්මනින් මිය යාමට කිසියම් කි්‍රයාකාරිත්වයක් දායක වේ නම් එය ජීවයේ පැවැත්මට සිදුකරන අසාධාරණයකි. මිනිසකුට මෙසේ අකාලයේ මිය යාමට සිදුවේ නම්…..

ඔහුගේ හෝ ඇයගේ පවුලේ අයට කොතරම් වේදනාවක්දැයි අමුතුවෙන් කිව යුතු නොවේ. ඊටත් වඩා ලෝකයේම ආදරය දිනාගත් කෙනෙක්ට අකාලයේ මියයාමට සිදුවන්නේ නම් එය ලෝකයටම දුකක්, කණගාටුවක් ගෙන දෙන අත්දැකීමක්.
අපි කවුරුත් ශ්‍රී ලාංකිකයෝ විදියට ගරු කරපු, ආදරය කරපු චරිතයක් තමයි ටෝනි ග්‍රේග් කියන්නේ. අපේ රටට කි්‍රකට් කී්‍රඩාව නිසා යම් ආලෝකයක් එකතුවීද ඒ ආලෝක කදම්භයේ එක් කිරණක් වීමට ඔහුට හැකිවුණා. එංගලන්තයේ උපත ලබා සිය මව් රටේ කි්‍රකට් කී්‍රඩාවෙන් එළඹිය හැකි උසස්ම තැන දක්වා ගිය ටෝනි අප අතරින් අකාලයේ මිය යද්දී පදිංචිව සිටියේ ඕස්ටේ්‍රලියාවේයි. මේ අපූරු මිනිසා කි්‍රකට් වලට එහා ගිය ලෙන්ගතුකමකින් අපේ රටත් සමග බැඳී සිටීම ඔහුගේ මරණය අපටත් දෝමනස්සයක් ඇතිකිරීමට හේතු වුණා. ටෝනි ග්‍රේග් නම් අසහාය කි්‍රකට් තරුව මෙන්ම විස්තර විචාරකයාගේ මියයාම සිදු වූයේ පෙණහළු පිළිකාවකිණි. ලෝකයේ මිනිසුන්ට පෙනහළු පිළිකා ඇතීවීමට 90% ක් පමණම බලපාන්නේ සිගරට්, දුම්කොළ භාවිතයයි. අපි ආදරය කළ ටෝනිත් මිය ගියේ තවත් සිගරට් සමාගමේ බිල්ලක් ලෙසයි.

 
සිගරට් අද ලෝකයේ වැඩියෙන්ම මිනිස් ජීවිත ප්‍රමාණයක් සංහාරය කරනු ලබන භාණ්ඩයයි. වසරකදී මිලියන 60 ක් ජීවිත නැතිකර දැමීමට සිගරට් කර්මාන්තයට ඇති අයිතිය කුමක්ද ? කෙසේ හෝ ලොව පුරා ජෝන්ලා, මයිකල් මෙන්ම අපේ සිරිල්ලා එක්ක ලෝක පුජිත ටෝනිවත් අපෙන් උදුරගන්න සිගරට් සමාගමට පුළුවන් වුනා. මෙවැනි වටිනා මිනිසුන් මිලියන ගණනක් මරා දැමීමට එරෙහිව හ~ නගන්නේ කීයෙන් කීදෙනාද ? සිගරට් කර්මාන්තයට එරෙහි වන්නේ කීයෙන් කීදෙනාද? ටෝනි ග්‍රේග් ගේ බිරිඳ ඒ වෙනුවෙන් හ~ක් වීමට ඉදිරිපත් වී ඇති බව මේ වන විට ආරංචි වී තිබේ. තම ආදරණීය ස්වාමියාගේ මරණය අකල් මරණයක් බැවින් එහි වගකීම දුම්කොළ කර්මාන්තය විසින් දැරිය යුතු බව ඇයගේ චෝදනාවයි. තම ස්වාමියා කෙසේ මිය ගියත් එහි පාඩුව හෝ සාංකාව දරාගත යුත්තේ ඒ පවුලේ උදවියයි. මෙවන් ලොව පුරා පවුල් කොතරම් ප්‍රමාණයක් ඇතිද ? ඔවුනට සිගරට් සමාගමට එරෙහිවීමට තරම් අවබෝධයක් හෝ ධෛර්්‍යක් නොමැත. ඔවුන් එවන්නක් ගැන සිතන්නේවත් නැත්තේ ඒ ඔවුන්ගේ උරුමය හෝ කරුමය යයි සිතායි.

එහෙත් ග්‍රේග් මැතිණිය පැහැදිළිවම තම ස්වාමියාගේ මරණයේ වගකීම දුම්කොළ සමාගම් වෙත පටවන්නේ ටෝනි සිගරට් බොන කාලයේ විඳි අපහසුවේ හා ඔහු ඇයට අකාලයේ අහිමිවීමේ වාඩුව ගැනීමටයි. ඇයගේ මේ ඉදිරිපත්වීම වැදගත් වන්නේ ලෝකයේම සිගරට් වලින් අපහසුවට පත් මිනිසුන්ගේ දෝමනස්සයන්ට අස්වැසිල්ලක් හෝ ආදර්ශයක් වශයෙනි. ජනපි්‍රය පුද්ගලයෙක් ලෙස ටෝනි සිගරට් බොන අයුරු දැක ලොව පුරා කොතරම් ඔහුට ආදරය කරන දරුවන්, තරුණයන් සිගරට් භාවිතයට අත් පොත් තැබීමට ඇතිද? ටෝනි අපහසුවෙන් හෝ නොදැනුවත්වම හෝ සිගරට් කර්මාන්තයේ ප්‍රචාරක අවශ්‍යතාවයක් ඉටුකර දී ඇතිද නොදනී, එය එසේනම් ටෝනි ගේ බිරිය නීතියේ පිහිට පතා හෝ ටෝනි වෙනුවෙන් මෙන්ම ලොව පුරා ටෝනිගේ රසිකයන් වෙනුවෙන් සිගරට් සමාගම් වැරදිකරුවන් කළ යුතුමය. එසේ වීම තරුවල ආලෝකයෙන් බැබලීමට උත්සාහ ගන්නා සිගරට් සමාගම්වලට පාඩමක් වනවා විතරක් නොව ලොව පුරා වර්තමානයේ සිගරට් වලට හසු වී ටෝනි ගිය මගම යන ජනපි්‍රය තරු වලටද පාඩමක් වනු ඇති. සිගරට් බොන්න කෙනෙක්ව පුරුදු කරන තැන සිට එය පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය ප්‍රතිරූපය ගොඩනගා ඇත්තේ සිගරට් භාවිතයේ සැබෑ හානිය සුක්ෂම ලෙස සඟවමිනුයි. එසේ ප්‍රතිරූපයක් සාදා ගැනීමට ටෝනි ලා වැනි මිනිසුන් වක්‍රාකාරයෙන් හෝ මිනීමරු සමාගම දායක කරගන්න ඇති. එය නැවතත් සිදුනොවීමට නම් පංති භේදයකින් තොරව මින් අපහසුවට පත් මිනිසුන් සිගරට් සමාගම් වලට එරෙහිව නැගී සිටිය යුතුම කාලය එළඹ තිබේ.