25 Dec

ජේම්ස් බොන්ඩි ගේ විපත….

අපි කව්රුත් බොහෝම ආසාවෙන් උනන්දුවෙන් බලපු චිත‍්‍රපට පෙලක් තමා ජේම්ස් බොන්ඩි කියන්නේ. මේ ච්ත‍්‍රපටි නිර්මාණ වලට පාදක වූනේ බි‍්‍රතාන්‍ය නවකතාකරුවෙක් වෙන ඉයන් ෆේලෙමින්ගේ නවකතා පෙලයි. එසේ බිහිවූ ජේමිස් බොන්ඞ් නිර්මාණ පෙල මේ වන විට සිය 50 වන සැමරුම සනිටුහන් කරමින් සිටින බව විදෙස් වාර්තා පෙන්වා දෙනවා. ජේමිස් බොන්ඩි සාමාන්‍ය මිනිසුන් අතර ලොවපුරාම ජනප‍්‍රිය වීමට හේතුවක් වූයේ නිපද වූ 20 ක් 30 ක් පමණ වන චිත‍්‍රපට මාලාවනුයි. බි‍්‍රතාන්‍ය ඔත්තුකරුවෙක් වන බොන්ඩි නම් චරිතය වටා ගෙතුන වීර ක‍්‍රියා පෙළ හා අධි තාක්ෂණය මුල් නිර්මාණය වන නවකතාවේ හා තවමත්, අනාගතයේදීත් නීෂ්පාදනය වන බොන්ඩි චිත‍්‍රපට වල ප‍්‍රධාන ලක්ෂණයකි. වසර 50 ක් පුරා නිර්මාණ බිහිවෙමින් ගිය මෙම කතා මාලාවේ එක් පැත්තක් පිළිබඳව විශේෂ අවධානය යොමුකල බි‍්‍රතාන්‍ය සමීක්ෂණ කණ්ඩායමක් අපූරු සොයාගැනීමක් සිදුකර තිබෙනවා.

ඔවුන් මෙහිදී ජේමිස් බොන්ඩි නවකතා පෙල වෙත පමණක් සිය අවධානය යොමුකර ඇති අතර පරීක්ෂණයට භාජනය වී ඇති කරුණ වන්නේ ප‍්‍රධාන චරිතය වන ජේම්ස් බොන්ඞ් ගේ මද්‍යසාර භාවිතයයි. එහිදී ඔවුන් පවසන පරිදි එම චරිතය නිතිපතාම මද්‍යසාර භාවිතා කරන බව පොත රචනා කල නිර්මාණ කරුවා විසින් සඳහන් කර ඇති බවයි, එතරම් අවස්ථා ප‍්‍රමාණයක දී එසේ භාවිතයේ යෙදුනේ නම් ජේම්ස් බොන් ජීවත්ව සිටින්නට ඇත්තේ හෝ ජීවත් විය හැක්කේ වයස 56 ක් වනතුරු පමණක් බව සොයාගෙන ඇත. සමහර කතා මාලාවන් හිදී බොන්ඞ් සතියකට ලීටරයක් පමණ මද්‍යසාර භාවිතා කල බව පැවසේ.
 
මෙවන් කතා මාලාවක් ඒවා පරිශීලනයේ නිරත වන මිනිසුන් හා පාඨකයන් කෙරේ කවර ආකාරයේ බලපෑමක් එල්ල කර ඇතිද? ජේම්ස් බොන්ඩි සිනමාව තුලද ජනප‍්‍රිය වීම සමග එය සිය දහස් ගුණයකින් වැඩිවන්නට ඇත. ඉහත සමීක්ෂණයේ දී සොයාබලා ඇත්තේ ජේම්ස් බොන්ඩි චරිතය විසින් මද්‍යසාර භාවිතා කිරීම නිසා ඔහු කේරේ ඇතිවන්නට ඇතැයි සිතිය හැකි බලපෑම පමණි. මේ චරිතයට ඇළුම් කර රසික රසිකාවියන්ගේ ජීවිත වලට ඔහුගේ මද්‍යසාර භාවිතය කෙතරම් බලපෑමක් ඇති කරන්නට ඇතිදැයි ගණනය කිරීමටවත් නොහැකි වනු ඇත. වීර චරිත, කාමය, අලංකාරත්වය හා සතුට වැනි දෑ සමග මද්‍යසාර තොග වශයෙන් සිනමා නිර්මාණ වලදී විකිණෙන බව අපි හොඳින්ම අත්දැක ඇත්තෙමු. එයට ආසන්තම උදාහරණය ලෙස මා මතකයට එන්නේ මේ වසරේ බොලිවූඩි සිනමාවේ සාර්ථක චිත‍්‍රපට ගොන්නට ඒක් වූ ආශීකී, යේ ජවානී හේ දීවානී වැනි නිර්මාණයි. මේවා තරුණ සිතුමි පැතුම් හා සිහින මෙන්ම පුරුදු කෙරේ ඇති කරන බලපෑම සුළුපටු නොවේ. නිර්මාණ වලදී මද්‍යසාරයට අලංකාරත්වයක් වීරත්වයක් ලබා දීම දැන්වත් තේරුම් ගෙන නැවැත්වුව හොත් රසිකයාගේ ආයු අපේක්ෂාව හා සතුට වැඩිකල හැකිය. එහෙත් මේ බොහෝ නිර්මාණ සමහර අවස්ථාවලදී මද්‍යසාර කර්මාන්තයේ මුදල් වලට යටවීම නිසා රසිකයාට හිතකර නිර්මාණ බිහිවෙනවායී කිමට නොහැකිය.

ජේම්ස් බොන්ඩි රචකයා ඒසේ වූවා දැයිි අපි නොදනිමු එහෙත් මුල් නිර්මාණ කාර්‍යයේදීම හඳුනාගෙන මද්‍යසාර පිම්බීමෙන් වැලකීී සිටියානම් එයට ලොකු අවස්ථාවක් සිනමාවේද හිමි නොවනු ඇති. ඉයන් ෆේලෙමින්ගේ නවකතාව කියෙව්වාට වඩා වැඩි පිරිසක් නොයෙක් අධ්‍යක්ෂකවරුන් හා රංගන ශිල්පීන් යොදාගෙන නිර්මාණය කල චිත‍්‍රපට හා ඒකාත්මික වූ බව කිවයුතුය. එසේ නම් ලෝකයට වැඩිම බලපෑමක් එල්ල කිරීමට හැක්කේ පොතට වඩා පොතක් පාදක කරගෙන නිර්මාණය වන චිත‍්‍රපට වලට බව අප කාටත් ඉතාමත් පහසුවෙන් තේරුම් ගත හැකිය. චරිතයක් හෝ නිර්මාණයක් හරහා පේ‍්‍රක්ෂකයා නොමග යැවීම හෝ අසෞඛ්‍යමත් තැනකට මෙහෙයවීම සිදු නොකිරීමට නිර්මාණ කාර්යයේ නිරත වන පිරිස් මෙන්ම පේ‍්‍රක්ෂකයාගේද අවබෝධය දියුණු විය යුතුම කාලය මෙය වේ.

Source: http://edition.cnn.com/2013/12/12/health/james-bond-alcohol/