2 Dec

ගෙදර TV එක නිසා මෙහෙම වෙයි කියලා කවුද හිතුවේ.

මේ වන විට ලෝකය පුරා බෝ නොවන රෝග වැලැක්වීම සම්බන්ධයෙන් අවධානය යොමුකර තිබෙනවා. ඒ අනුව මිනිසුන්ට වැළඳෙන පිළිකා, දියවැඩියාව හෝ වෙනත් බෝ නොවන රෝගයන් අවම කරගැනීමේ වෑයමක ලෝකයේම රටවල්වල බළධාරීන් නිරත වී සිටින ආකාරයක් පෙනෙන්නට තිබේ. මේ සියළු ආකාරයේ බෝ නොවන රෝගයන්ට හේතුව විවිධ රෝග කාරකයන් ලෙස හඳුනාගෙන ඇතත් ඒවා දිගින් දිගටම පැවතීමේ හේතුවක් ලෙස රූපවාහිනිය හඳුනාගෙන ඇති බව කිවහොත් ඔබ පුදුම වනු ඇති. සරලවම කිවහොත් දියවැඩියාව ඇතිවීමට මූලිකම හේතු කාරකය සීනි භාවිතය වන අතර, පිළිකා හා හෘද රෝග ඇතිවීමට මූලික කාරණා ලෙස සිගරට් භාවිතය හැඳින්විය හැකිය. තවද, මද්‍යසාර භාවිතයද බෝ නොවන රෝග වලින් මිනිසුන් ලෙඩ කිරීමේ හා මරා දැමීමට හේතුවක් ලෙස පැහැදිලිවම හඳුනාගෙන ඇත. මේ අතර ලොව පුරා මිනිසුන් අධික ප‍්‍රමාණයක් කායික ව්‍යායාම හා අයහපත් ආහාර රටාවන් නිසා බෝ නොවන රෝග වලට ගොදුරු වන බව සොයාගෙන ඇත.

මෙසේ කරුණු සොයාගෙන තිබිය දී රූපවාහිනිය ඒවාට ඇතිකරන බලපෑම කුමක්ද යන්න කුහුල ඔබට ඇතිවීම සාධාරණයි. එසේ රූපවාහිනිය දියවැඩියාවට, පිළිකා වලට, දායක වන්නේ අන් කිසිම ආකාරයකින් නොව, මෙවන් රෝග ඇතිවීමට බලපාන රෝග කාරකයන් පිළිබඳ මිනිසුන් තුල ධනාත්මක චිත‍්‍රයන් ගොඩනැගීමට රූපවාහිනිය දැඩි ලෙස බලපෑම් ඇතිකරවන නිසා බවයි. එනම් සීනි භාවිතය, සිගරට්, මද්‍යසාර හා අයහපත් ආහාර පුරුදු ඇති කිරීමට රූපවාහිනියේ විකාශය කෙරෙන දේ වලින් ඉතා දැඩි බලපෑමක් ඇති කරන බව පෙනේනට තිබේ. මෙහි සත්‍ය අසත්‍යතාව ඔනෑම අයකුට හරි පහසුවෙන් පරීක්ෂාකර හැකියි. ඔනෑම වේලාවක TV බලන වේලාවක හොඳින් බලන්න අපිට බෝ නොවන රෝග ඇති කිරීමට දායක වන වෙළඳ දැන්වීම්, මෙවන් කෑම හා පුරුදු ප‍්‍රචාරය කරන ආකාරයේ ටෙලිනාට්‍ය, චිත‍්‍රපටි ඕනෑතරම් රූපවාහිනියේ විකාශය වෙන බව ඔබට ඉතා පහසුවෙන් හඳුනාගත හැකියි. එමනිසා බෝ නොවන රෝග රාශියකට මුල රූපවාහිනිය බව මේ වන විට ලෝකයේම විදුවතුන්ගේ අදහසයි. එසේනම් බෝ නොවන රෝග පලනය හා එය ඵලදායී ලෙස වලක්වා ගැනීමට නම් මෙම රෝග වලට අත වනන පුරුදු ප‍්‍රචාරය කරන රූපවාහිනිය භාවිතය ඉතා අවබෝධයෙන් සිදුකල යුතුය යන මතය පෙරට පැමිණ තිබේ. විශේෂයෙන් ලොව පුරා දරුවන් මෙම රෝගී තත්වයන්ගෙන් ද මුදවා ගැනීමට නම් රූපවාහිනිය හරහා සිදුවන මේ අසෞඛ්‍යමත් පුරුදු හා භාවිතයන් නැවැත්වීම අනිවාර්‍යය වේ.