16 Jul

කොක්කෙයි කෙක්කෙයි දෙකේම එල්ලීම…

මෑතත පුවත්පතක දැක්කා සිගරට් බොන එක ආර්ථිකේ බිංදුවට බස්සවයි කියලා ගිය වෙළඳ දැන්වීමක්. එය දැක්ක හැටියෙම දැනුනේ නම් සිගරට් බොන එක නවත්වන්න කරන දිරිගැන්වීමක් විදියටයි. මා මුලින් අවබෝද කරගත්තේ මේ දැන්වීමේ සඳහන්වන්නේ සිගරට් බොන එක නවත්වන්න කිසියම් රසායනික ද්‍රව්‍යක උපකාරය පැතීම සම්බන්ධව යන්නයි. එහෙත් දිනක් මාගේ මිතුරෙකු මුණගැසුන අවස්ථාවක ඔහු මේ දැන්වීම පුවත්පතේ දැක මා හා ප‍්‍රතාචාර දැක්වූයේ මා සිතා සිටි ආකාරයට වඩා හාත්පසින්ම වෙනස් ස්වරූපයකිනි. ඔහු කිවේ මචං දැන් සිගරට් බොන එකෙන් වෙන හානිය අඩු කරන්න බේත් තියෙනවා කියලායි. මා ඒ ප‍්‍රකාශය සමග නැවතත් එම දැන්වීමේ අන්තර්ගතය සම්බන්ධයෙන් සලකා බැළුවෙමි. ඇත්තටම එහි සැඟවුනු අර්තයක් ඇති බව දැනෙන්නට විය, මට වැටහුනේ සිගරට් බොන එක නවත්වන්නේ නැතිව දිගටම පවත්වාගෙන යාමට මේ රසායන ද්‍රව්‍ය මගින් සහයෝගයක් ලබා දෙන බවයි.

එය අවබෝධ වීමත් සමග මෙම තත්වය භයානත බව වටහාගත්තේය. එය සිගරට් භාවිතා කරන්නෙක් තවත් එවැනිම උගුලක ඇටවීමක් වැනිය. සිගරට් වලටද මාස්පතා අති විශාල මුදලක් සිගරට් සමාගම් වලට ගෙවන මිනිසුන් තවත් වරක් රවටා ඔවුන්ගේ සල්ලි තවත් සමාගමකට හූරා ගැනීම මින් සිදු වන බව සැකයක් ඇතිවිය. සිගරට් බොන එක නවත්වගන්න ඇත්තටම  ඕනකමක් තියෙන අයගේ සල්ලි හා කාලය මෙන්ම සතුවිලි හාස්‍යට ලක්කරන අවස්ථාවක්දැයි මට සිතේ. මන්ද සිගරට් බොන එක ඇත්තටම නවත්වගන්න පුළුවන් කියලා කිසිම සඳහනක් මේ දැන්වීමේ නෑ.

මේකේ තියෙන ලොකුම හාස්‍ය උපදවන කාරණය වන්නේ සිගරට් බොන කෙනෙක්ව වෙන ඔනම දේකට අහු කරගන්න පුළුවන් කියලා මේ වෙළඳදැන්වීම දාපු අය ඉවෙන්වගේ දැනගෙන තියෙන බව මේක දැක්කාම තේරෙන එකයි. කොහොම වුනත් සිගරට් බොන අය මේකෙන් තේරුම් ගන්න  ඕනේ දවල් වැටුන වලේ ? නොවැටෙන්න නම් මේ වගේ දේවල් දැන්වත් පොඞ්ඩක් බුද්ධිමත්ව තේරුම්ගත යුතු බවයි. ඒ නිසා සිගරට් බොන කරදරේ තියෙද්දි තවත් කරදරේක පැටලෙන්නේ මොකටද කියලා සරලව තමාගෙන්ම ප‍්‍රශ්න කරගන් වටිනවා. සිගරට් නොබොන පිරිස මේ වගේ දැන්වීම් දැකලා හිතනවා නම් සිගරට් බොන එක හරි, ඒකේ තියෙන නිකොටීන් හරි මාර ඇබ්බැහිකාරක කියලා ඒවා නවත්වගන්න අමාරුයි කියලා හිතනවා නම් එක තමයි සිගරට් සමාගම් විසින් සිදුකරන රැවටීම.