6 Jan

ඔබ මොන ගොඩේද?

ඔන්න එක අවුරුද්දක් ගෙවිලා තව අළුත් අවුරුද්දක දොරකඩට අපි ඇවිත්, මේ කාලේ ඉතින් නත්තල මෙන්ම අළුත් අවුරුද්ද පිළිගන්න සමහරක් සූදානම් වුනේම වාත වෙලා. ඇයි එහෙම කියන්නේ කියලා අමුතුවෙන් කියන්න  ඕනත් නෑ. මේ කියන අය ලක ලෑස්ති වෙලා සමහර වෙලාවට කළේ අරක්කු බීපු එක. අපේ ජීවිතේ කොයිතරම් අවස්ථා මේ වගේ අරක්කු වලට දියවෙලා යන්න ඇතිද? මේ අවුරුද්දෙ දි අසිරිමත් නත්තලේදිත් ඒකම ද වුනේ…. ජීවිතේ හැම සතුටු අවස්ථාවකම අරක්කු බීලා යාළුවො 05 ක් එකතු උනාම අරක්කු නොබී බැරි වෙන තරමටම ජීවිතය සීමා කරගත්ත අය අපි අතර කොච්චර ඉන්නවාද?

මේ සමහරක් වෙන කාටහරි බයට අරක්කු බොනවා, ඒත් එක්ක තවත් කට්ටියක් ජොලියට, සොමියට කියලා ඇන්දිලා අරක්කු හෝ බියර් බොනවා, තවත්Set එකක් ඉන්නවා ”ඉඳලා හිටලා බ්ව්වට අවුලක් නෑ” කියලා අරක්කු , බියර් බොන්න අහුවුන එක සාධාරණීකරණය කරන ජාතියකුත්. මේ මොන ගොඬේ ඉන්න කෙනෙක් උනත් ඒ අය කව්රුත් අවංකවම දැනෙන දේ කියන්නේ නැති එක නම් ලොකු ප‍්‍රශ්නයක්. මොකද ගොඩක් අයට අරක්කු බොන්න, බියර් බොන්න මේ ලෝකේ  ඕනකමක් නැති උනත් බොන්න වෙලා තියෙන්නේ මද්‍යසාරයේ අවුල කටක් ඇරලා කියන්න බැරිකමට. මේ කොන්ද පණ නැතිකම නිසා බොහෝ වෙලාවට අවුරුද්දේ සැපම, ආතල්ම දවස්වල මේ අයට වෙන්නේ අරක්කුවලටම අහුවෙලා ජිවිතේ ගත කරන්න. එහෙම කළත් කමක් නෑ, මේ පට්ටපල් බොරු කිය කිය නොලැබෙන දෙයක් වෙනුවෙන් මෙහෙම පෙනී සිටින මෝඩයෝ දැක්කාම නම් ලොකු දුකක් ඇතිවෙන්නේ. හොඳින් බලන්න, මේ උත්සව සමයේ අතින් සල්ලි දීලා අරක්කු බියර් බීලා කොම්පැණිවලට කඬේ Set එකේ ඔබත් ඉන්නවාද කියලා.

අමාරුවෙන් මුණ ඇද කරගෙන අරක්කු බීලා ”මාර සැපක්, ජොලියක් ගත්තා, ආතල් ගත්තා” කියන අය ගැන කියන්න තියෙන්නේ මේ අය ආතල් අරගෙන නැති අය කියලා තමයි. මෙහෙම අරක්කු බීලා කියන බොරු අහලා අරක්කු බියර් කොම්පැණිවල ලොක්කන්ට හිනා යන්නේ කටින් විතරක් නෙමේ වෙන්න ඇති. මේ උත්සව සමයේදීත් ඇත්ත අමාරුව හංගගෙන බොරුව වමාර වමාර යන අය  ඕනතරම් ඉදියි. ඒත් අපේ ප‍්‍රාර්ථනය එකෙක්ට හරි ඥානය පහළ වේවා යන්නයි. අඩුම තරමේ අරක්කු වලට ඇන්දිලා බිව්වත්, යාළුවන්ට බෑ කියන්න බැරිකමට බ්ව්වත්,Setting එකට අහුවෙලා අරක්කු බ්ව්වත්, අරක්කු බීලා ඒ කොම්පැණිවලටම කඬේ ගිහින් ළකුණු දාන්න නම් පුරුදු වෙලා තියෙන්නේ ඒකවත් නවත්වගන්න මේ අවුරුද්දේ මොළේ පෑදේවා….. !