මේ දවස්වල ඉන්දියානු ක‍්‍රිකට් කණ්ඩායම අපේ රටේ පූර්ණ තරගාවලි සංචාරයක් හා පැමිණ තිබෙනවා. මාස දෙකකට ආසන්න කාලයක් පුරා දිවෙන මෙම සංචාරය මේ වන අපේ ක‍්‍රිකට් ලෝලීන්ට නම් අමිහිරි මතක එකතු කරනු ඇති බවට කිවහැකි අනාවැකි දැනටමත් පලවී තිබේ. සාමාන්‍යයෙන් ඉන්දීය කණ්ඩායම තරග සංචාර සඳහා වෙනත් රටකට යාමේදී එම සත්තාරක රටේ ක‍්‍රිකට් පාලක මණ්ඩලයට ඇ.ඩොලර් මිලියන 20 ක (ශී‍්‍ර ලංකා රු. කෝටි 300* පමණ සල්ලි මල්ලක් හිමිකරගත හැකියි.
මෙතරම් විශාල මුදල් ප‍්‍රමාණයක් හිමිවන්නේ ඉන්දීය කණ්ඩායමට ඇති අනුග‍්‍රාහකත්වයන් හා රූපවාහිනි විකාශන අයිතිය වැනි ආදායම් නිසායි. ඉන්දීය කණ්ඩායමේ මේ ලෝක සංචාර හා දේශීය තරග සඳහා අනුග‍්‍රාහකයෙක් ලෙස මද්‍යසාර සමාගමක් කටයුතු කරයි. එසේ කටයුතු කරන්නේ අද ඊයේ සිට නොව ඉන්දීය ප‍්‍රීමියර් ලීග් (IPL)තරගාවලිය ආරම්භයේ පටන් ඉන්දීය ක‍්‍රිකට් සඳහා මද්‍යසාර සමාගම් අන්ග‍්‍රාහකත්වය දැක්වීය. ලෝකයේ බෝ නොවන රෝග සඳහා වැඩිම දායකත්වයක් දක්වන මද්‍යසාර භාවිතය මිනිසුන්ගේ තේරීමක් බවට පත්කරන එක් උපායක් ලෙස ක‍්‍රීඩාවන් හරහා මද්‍යසාර භාවිතය ප‍්‍රවාර්ධනය කිරීම සිදුකෙරේ.

2008 -2009 ඉන්දීය ප‍්‍රීමියර් ලීග් තරගාවලි අවසන් වීමෙන් අනතුරුව ඉන්දියාවේ මද්‍යසාර පරිබෝජනය විශාල ලෙස ඉහල ගොස් ඇති බව වාර්තා පලවිය. එම තත්වය ඇතිවීමට ඉන්දීය ප‍්‍රීමියර් ලීග් කණ්ඩායම් සඳහා අනුග‍්‍රාහකත්වයෙන් දායක වූ බියර් ඇතුළු මද්‍යසාර සමාගම් ප‍්‍රධාන හේතුවක් බව පැහැදිිලිවිය. අද එම මද්‍යසාර ප‍්‍රචාරණය සමග ඉන්දීය කණ්ඩායම අපේ රටට පැමිණ තිබේ. මද්‍යසාර ප‍්‍රචාරණයන් සිදුවන තරග සඳහා රන්ගිරි දඹුළු ජාන්‍යන්තර ක‍්‍රීඩාංගණය නොදීමට ගෙන තිබූ ඵෙතිහාසික තීරණය මෙම සංචාරය සඳහා වෙනස් වී ඇති බව පෙනෙන්නට තිබේ.

රන්ගිරි දඹුළු ක‍්‍රීඩාංගණ පාළනාධිකාරිය විසින් වසර ගණනක් මුළුල්ලේ පවත්වාගෙන පැමිණි වැදගත් ප‍්‍රතිපත්තියක් වෙනස්වී ඇත්තේ ශ‍්‍රී ලංකාව හා ඉන්දියාව අතර පළමු එක්දින ජාන්‍යන්තර තරගය එළඹෙන අගෝස්තු මස 20 දිවා රාතී‍්‍ර තරගය ලෙස එම ක‍්‍රීඩාංගණයේ පැවැත්වීමට කටයුතු යොදා තිබීමත් සමගයි. වසර 05 ක පමණ කාලයක සිට කිසිදු මද්‍යසාර අනුග‍්‍රාහකත්වකින් සිදුකෙරෙන තරගාවලි මෙම ක‍්‍රීඩාංගණයේ පවත්වා නැතත් අද වන විට එම තත්වය වෙනස්වීමට බළපෑ කරුණු කාරණා කවරේද යන්න නොදන්නා අතරම, මෙය කුමන පාර්ශවයකගේ අවශ්‍යතාවයමත ඉටූවී ඇතිද යන්න නොදනී.

ක‍්‍රීඩාශීලිබව නැතිකරන මද්‍යසාර වැනි නිෂ්පාදන ලෝක ක‍්‍රීඩා මණ්ඩපයන්ගෙන් ඉවත්කල යුතු කාලයක අපේ රටේ ඒ වෙනුවෙන් ගෙන තීබු සාධණීය තීන්දුවක් ආපස්සට හැරවීම ලෝකයේම ක‍්‍රීඩාලෝලීන්ට සිදුකල මරු පහරක් ලෙස පෙන්වාදිය හැකිය.

ඉන්දීය තරග සංචාරයේදී ආන්දෝලනාත්මක තීරණයක්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *