22 Apr

අභියෝගයට නොසැළුනු තාරුණ්‍ය…

අපට අපේ වැඩිහිටියෝ එයාලගේ තරුණ කාලේ කරපු නොයෙක් වීරකම් ගැන නිතරම අහන්න ලැබෙනවා. මතු දවසක අපිත් අපේ තරුණ කාලේ තමත් කරලා කියන්න පුළුවන් විදියේ වැඩ කලොත් හොඳයි කියලා දැනෙන්නේ දැනටත් එහෙම එවා අපි කරලා තියනවද කියලා ආවර්ජනය කරලා බැළුවොත් තමයි. ලෝකේ වෙනස් වෙනවා අපිට ඇති අභියෝගත් වෙනස් වෙනවා. වෙනස් කරන්න බෑ කියලා හිතන දේවල් වෙනස් කරපු තාරුණයක් තිබ්බ මිනිස්සු තමන් කරපු වීරකම් ගැන හැමදාම ආඩම්බරයෙන් ආවර්ජනය කරනවා. මම මේ කියන්න යන්නේ අන්න එහෙම තරුණ ගැටව්න්ගේ අපූරු වැඩක්. අපි රටක් ලෙස ලෝකයේ අන් කිිසිම රටකට වඩා වැඩියෙන් මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන් කරනවා. වර්තමානය වන විට එම කාර්්‍යට කිසියම් හෝ මැදිහත්මක් නොදක්වන පාර්ශවයක් නොමැති තරම්. අන්න එහෙම කරන මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන් දහස් ගානකින් කරන්න බැරි වුන වෙනසක් අපේ රටේ කොනක කොල්ලෝ කට්ටියක් කරනවා.

මේ මීට මාස කිහිපයකට ඉහතදි මඩකලපුව නගරයේ තරුණ පිරිසක් කරපු අපූරු ප‍්‍රතිචාර දැක්වීමක්. ව්ශ්ව විද්‍යාල ශිෂ්‍යන් විසින් සිදුකරන ආකාරයේ සාම්ප‍්‍රදායික ප‍්‍රතිචාර දැක්වීමට නිර්මාණශීලි නවාංග එකතු කරමින් අභියෝගය ජයගැනීමට හැකි වූ අවස්ථාවක් ලෙස මෙය හැඳින්විය හැකියි. පසුගිය 2015 වසරේ මැද භාගයේ නිකුත් වූ දමිළ චිත‍්‍රපටයක අතීශය අත්‍යාලංකාරයෙන් සිගරට් භාවිතා කිරීම එහි රංගනයේ නිරත වන ප‍්‍රධාන නළුවා වන සුපිරි නළු ධනූශ් විසින් සිදුකරනවා. මෙම චිත‍්‍රපටය නම්න් ”මාරී” වන අතර ලංකාවේද බොහෝ ප‍්‍රදේශවල තිරගත වෙමින් පැවතියා. චිත‍්‍රපටය ජනප‍්‍රිය වීම සමග සිගරට් සහිත ධනූශ්ගේ චරිතයද අනුකරණය කිරීමට තරුණයන් හා දරුවන් පෙළඹෙන වාතාරණයක් ඇති වූ අතර, ලෝකයේ අනෙක් රටවල තරුණයන් නිහඬව සිටියදී, අපේ රටේ තරුණයන් පිරිසක් ඊට අපූරු ප‍්‍රතිචාරයක් දක්වනවා. අභියෝගය හොඳින් හඳුනාගත් තරුණයන් ලෝකයේම දරුවන් වෙනුවෙන් පෙරට පැමිණීම මෙතරම් වෙනසකට මගපාදනු ඇතැයි ඔවුන්වත් නොසිතන්නට ඇති. ධනුශ් ගේ ”මාරී” චිත‍්‍රපටයේ ප‍්‍රධාන පොස්ටරය ඩිජිටල් බැනරයක් ලෙස මුද්‍රණය කරගන්නා මේ තරුණ පිරිස එයට සෙරප්පු මාලයක් පලඳවා මඩකලපුව නගරයේ ප‍්‍රදර්ණයට තබන අතර සෙරප්පු මාලය දැමීමට හේතුව ආසන්නයේ ලියා ප‍්‍රදර්ශනය කිරීමට කටයුතු කර තිබෙනවා. එම ප‍්‍රදර්ශණ පුවරු වල මෙම චිත‍්‍රපටිය හා නළුවා හරහා සිදුවන හානිය පිළිබඳව සඳහන් කර ඇති අතර ධනූශ් නම් රංගන ශිල්පියා සිගරට් සමාගමේ ඉත්තෙක් ලෙස ක‍්‍රියාත්මක වෙමින් දරුවන් තරුණයන් එම කර්මාන්තයට හසුකර දීමේ නියැලෙන බව චෝදනා ද ඉදිරිපත් කරනු ලබනවා.

මෙම දිනයේ මඩකලපුව නගරයේ අතිවිශාල ජනකායක් ඉහත විරෝධතාව නැරඹීම සඳහා පැමිණෙන අතර චිත‍්‍රපටය ප‍්‍රදර්ශණය කරන සිනමා ශාලාවට ද ආසන්න බැවින් ඉතා ඵලදායී සන්නිවේදනයන් තරුණයන්ගේ ක‍්‍රියාත්මක වීම හරහා සිදුවී ඇති බව හැඟී යන්නේ පසුදින පුවත් පත් දුටු විටයි. අපේ රටේ ප‍්‍රධාන සිංහල පුවත් පත් ඇතුළු ප‍්‍රධාන දෙමළ පුවත් පත්වල් හා වේබ් අඩවි විසින් තරුණ පිරිස සිදුකල ක‍්‍රියාකරකමේ විස්තර ඡයාරූපද සමගින් වාර්තාකර තිබිණි. දින කිහිපයක් යන විට සිනමාව හා සම්බන්ධ බොහෝ වෙබ් අඩවි ”මාරී” චිත‍්‍රපටියට මඩකලපුවේ තරුණයන්ගෙන් එල්ල වී ඇති අභියෝගය ගැන වාර්තා කිරීම සිදුකරන අතර ඉන්දියාවේ වෙබ් පිටුවල ඉඩක් වෙන්කර ගැමටද සමත් වෙනවා. ඉතා කුඩාවට සිදුකරන ලද සාමකාමී ප‍්‍රතිචාර දැක්වීමක් හා දැනුවත් කිරීමක් මෙතරම් දුරකට සම්පේ‍්‍රෂණය වේ යැයි සිතිය හැක්කේ කාටද? මෙම සිද්ධිය දමිළ සිනමා කර්මාන්තය ගිනියම් කරන අතර ඉනිදියාවේ හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයෙක් වන අම්බුමනී රාම්දාස් මහතා විසින් ”මාරී” චිත‍්‍රපටයේ චරිත නිරූපණය කරන ධනූශ් වෙත ලිපියක් යොමුකරමින් චිත‍්‍රපටය මගින් සිදුකරන සිගරට් ප‍්‍රචාරණය සම්බන්ධයෙන් සිය අසතුටද ප‍්‍රකාශ කිරීමට කටයුතුකර ඇත. චෙන්නායි ප‍්‍රාන්තයේ සමහර ප‍්‍රදේශ වල චිත‍්‍රපටය පෙන්වීමට බාධා පැමිණි අතර එම චිත‍්‍රපටි ශාලා චිත‍්‍රපටය ප‍්‍රදර්ශණය කිරිමද නවතා දැමුනා. ධනූශ්ගේ සිගරට් ප‍්‍රචාරණය නිසා කර්මාන්තය දැඩි අභියෝගයකට ලකවීම අපේ රටේ තරුණ කැරැල්ලක ප‍්‍රථිපලයක් වීම වගේම ධනූශ්ට මාධ්‍ය සකච්ඡුාවක් කැඳවා සිගරට් දර්ශන සිදුවීම පිළිබඳව කණගාටුව ප‍්‍රකාශ කිරීමටද හේතුවක් වුනා. මෙම මාධ්‍ය සකච්ඡුාවේදී ලෝකයේම දරුවන් හා තරුණයන් වෙනුවෙන් අපේ කොල්ලන් කිහිප දෙනා දිනාදුන් වටිනාම දේ නම් ධනුශ් නම් සුපිරි දමිල සිනමාවේ පතාක යෝධයා යලි කිිසිදිනක චිත‍්‍රපටි වල සිගරට් බොන දර්ශන වලට පෙනී නොසිටින බව ප‍්‍රකාශ කිරීමයි. තවද ඔහු සාමාන්‍ය ජීවිතයේදී සිගරට් භාවිතා නොකරන අයෙක් බවත් ප‍්‍රකාශ කර සිටියා.

”මාරී” චිත‍්‍රපටායේ සිගරට් දර්ශන එම චිත‍්‍රපටයටම පාරා වලල්ලක් කර යැවීමට අපේ තරුණයන් සමත් වූ අතර ධනූශ්ට කිසිදා අමතක නොවන පාඩමක් උගන්වනවා විතරක් නොවේ, දමිල සිනමා කර්මාන්තයම මින් අනතුරුව මෙවන් චිත‍්‍රපට නිෂ්පාදනය කිරීමට පෙර නැවත කිහිපවාරයක් සීතිමට ලක්කිරීමට අවශ්‍ය පණිවිඩය ලබාදෙනු ලැබුවා. මේ සාම්ප‍්‍රදායිත තාරුණ්‍යට හා ලෝකයේ සම්මත ක‍්‍රමයට අභියෝග කල තාරුණ්‍යයේම නිර්මාණශීලී ප‍්‍රයත්නයක අවසන් ප‍්‍රථිඵලයයි. එය හෝ එවැනි ප‍්‍රතිචාර දැක්විම් සිදුකිරීමට තව බොහෝ අවකාහ තිබේ. මේ ප‍්‍රයත්නය මත්ද්‍රව්‍ය නිවාරණ මැදිහත්මක් අරඹයා සිදු වූවත් තවත් බොහෝ සමාජ කි‍්‍රයාකාරකම් වෙනස් කිරීම වෙනුවෙන් මෙවැනි ප‍්‍රතිචාරයන් අවශ්‍යම කාලයයි. එක් අතකට වයස වැදගත් සාධකයක් නොවේ යැයි හැෙඟ් වැදගත් වන්නේ නිවැරදි අවස්ථාවේ නිවැරදි නිර්මාණශීලි මැදිහත්වීමයි. එය තොරාගෙන කටයුතු කලහොත් ඉහත සිද්ධියේ වූවා වාගේම ලෝකයේ ජාවාරම්කාර මත්ද්‍රව්‍ය, මද්‍යසාර සමාගම් වලට පමණක් නොව ඕනෑම කූට සමාගමකට හෝ බලවේගයකට මුහුණ දී ඊට ප‍්‍රතිචාර දැක්විය හැකි ශක්තිමත් මිනිසුන් බිහිවනු ඇත. ඒ මිනිසුන් ජීවිත කාලය පුරාම සිය තරුණකම පවත්වා ගනුද ඇත.

ජාතික ප‍්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යංශය
De Creator සඟරාව, යොවුන් පුරය 2016