3 Oct

අපේ රට මද්‍යසාර, සිගරට් සමාගම් වලට හැමදාම අභියෝගයක්…

ඔක්තොබර් 03 න දිනට යෙදී ඇති මත්ද‍්‍රව්‍ය විරෝධී දිනය සමග ඒ විශය ගැන අවධානය යොමු කිරීම සිදුවේ. දිනයකට පමණක් සීමා නොවී අපේ මිනිසුන් හැමදාම මේ කාරණය… සම්භන්ධයෙන් අවධානයෙන් සිටින වග නම් සඳහන් කල යුතුමයි. මත්ද්‍රව්‍ය යයි සඳහන් කලාම බොහෝ අය හිතන්නේ හෙරොයින්, ගංජා, අභිං වැනි දේ සම්භන්ධවයි. ඒවාද මත්ද්‍රව්‍ය වන අතර අපේ රටට ලොකුම හානිය කරන මත්ද්‍රව්‍ය මොනවාද කියලා හොයලා බැලීමට වටිනවා. සරල උදාහරණයකින් කිවහොත් මාගේ නිවස අවට නිවාස 10 ක් ගෙ න ඉතා සරල අධ්‍යනයක නිරත උවහොත් හොඳින් අවබෝද කරගත හැකියි වඩියෙන්ම අපේ මිනිසුන් මත්ද්‍රවය ලෙෂ භාවිතා කරන්නේ මොනාද කියලා, මේ ගෙවත් 10 න් 6 ක 7 ක වත් අරක්කු බියර් භාවිතා කරන අය ඉන්නවා අපිට දැකගන්න පුළුවන්. එහෙත් මේ ගෙවල් 10 හෙරොයින් බොන අය නම් එක් කෙනෙක් වත් නෑ, ගංජා හෝ අභිං බොන අයත් නැති තරම්. එසේ නම් රටේ ලොකුම ගැටළුව අරක්කු, බියර් හා සිගරට් බව අවබෝධ කරගැනීමට අපහසු නොවනු ඇත.

මේ තත්වයන් මෙසේ තිබියදී අපේ රට හැමදාම ඉහත කර්මාන්ත වලට අභියෝගයක් වුනා. ඒ අපේ රටේ මිනිසුන් බොහෝ ප‍්‍රමාණයක් මද්‍යසාර හා සිගරට් කර්මාන්තයට හා භාවිතයට දක්වන විරෝධය නිසායි. එය අපගේ සංස්කෘතිය නිසා ඇතිවුනු ප‍්‍රවණතාවක් විය හැකියි. මත්ද්‍රව්‍ය භාවිතා නොකරන පිරිස හා 50% ට වැඩි කාන්තා ජනග‍්‍රහණය සිය විරෝධය කෙලින්ම මද්‍ර්‍යසාර සිගරට් භාවිතයට විරුද්ධව ප‍්‍රකාශ කිරීම එම කර්මාන්තයට ඇති ප‍්‍රධාන අභියොගයක්. මෙය අවම කිරීමට ගත හැකි සියළු උත්සාහයන් කර්මාන්තය විසින් කරනු ඇති. ඒ අනුව බොහෝ විට කාන්තාවන්ට බියර් භාවිතය පුරුදු කිරීමේ වැඩසටහන් අගනුවර හා තදාසන්න ප‍්‍රදේශ වල දියත් කිරීම දක්නට ලැබේ. තවද මද්‍යසාරයට දරවන්ට අත්පොත් තැබීමට උගන්වන බියර් බොහෝම අඩු මිලකට වෙළෙඳපොලේ විකිණීමට තිබීම තවත් උපක‍්‍රමයක්. සුපිරි වෙළඳසැල් වල බියර් කෑන් පැණි බීම බෝතල් වලට වඩා අඩු මිලට ගැනීමට තිබිම මීට හොඳම උදාහරණයක් වේ. මින්සුන්ගෙන් පැම්ණෙන ප‍්‍රතිරෝධය නිරන්තරයෙන් අවම කරගෙන සිය ව්‍යාපාර ඉදිරියට ගෙනයාම මද්‍යසාර කර්මාන්තයට අභියෝගයක්. මෙම අභියෝගය ලිහිල් නොකිරීමට හා එය තවදුරටත් දැඩි කිරීමට අපි මේ අවස්ථාවේ අවබෝධයෙන් වැඩකලයුතුයි.

සිගරට් සමාගම සෞඛ්‍ය අමාත්‍යංශයට විරුද්ධව නඩු මගට එළඹීමද මේ තත්වය පැහැදිලි කරීමට හොදම උදාහරණයකි. සංවර්ධනය වෙමින් පවතින රටක් ලෙස ලෝකයේ කිසිම රටක් නොකරපු ආකාරයේ අභියෝගයක් අප විසින් සිගරට් කොම්පැණියට දී ඇත. එනම් 80% ක ප‍්‍රමාණයෙන් රූපමය සෞඛ්‍ය අවවාදයන් දැමීමට දුම්කොල සමාගමට නියම කිරීමයි. එසේ සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් තීරණය ප‍්‍රකාශ කලේ අපේ රටේ දරුවන්ගේ හා සිගරට් බොන නොබොන හැමෝගේම යහපත ගැන සිතායි. එහෙත් මේ වන විට නීතියේ පිහිට පතන්නේ මිනීමරු සමාගමක් විසිනුයි. නීතියක් බිහිවී ඇත්තේ රටක මිනිසුන්ගේ සුභසිද්ධිය උදෙසා නම් ඉන් මිනීමරු කර්මාන්තයක් පිහිට ලබන්නේ කෙසේදැයි අත්දැකිමට ලැබීම අභාග්‍යකි. කෙසේ හෝ එය සිදුවෙමින් පවතී. එහෙත් සිගරට්, අරක්කු, බියර් හෝ මත්ද්‍රව්‍ය…. මේ ඕනම එකක් බොන පුද්ගලයෙක් වේ නම් ඔවුන්ගේ මැදිහත් වීම මෙහිදී විය යුත්තේ රටේම යහපත උදෙසායි. සමාගම් වල මේ කූට උපායන් අවබෝධ කරගැනීමට ඔවුන්ට ලැබී ඇත්තේ අමිල අවස්ථවකි. එය මේ වේලවේ භාවිතා කලහොත් තමන් වැටුන උගුලෙන් ගොඩ ඒමටත්, අනාගත පරපුර ඒ උගුලේ වැටීමේ ඉඩ කඩ අහිරීමටත් හැකිවනු ඇත. එයට නිවරුදි දැක්ම දැන්වත් දියණු කරගැනීම අත්‍යාවශයි. මේ මිනීමරු සමාගම් මට කල දේම මගේ දරුවන්ට කිරීමට සියළු කටයුතු කරමින් පවතින බව තේරුම් ගැනීමටවත් විවෘත්ත වන්න. භාවිතයේ ඇත්තම අත්දැකීම දැන්වත් නොසගවා පවසන්න. එය අනාගතයේ දරුවන්ගේ භාවිතය නැවැත්වීමට හේතුවක් මෙන්ම ඔවුන්ගේ සතුට නිදහස වෙනුවෙන් වර්ථමානයේදී ඔබට සිදුකල හැකි ඉහලම ආයෝජනය වියහැකිය.

මත්ද්‍රව්‍ය භාවිතය නිසා ජිවිතයේ බෝහෝ අවස්ථා සීමා කරගෙන ඇති අයට කෙරෙන මේ ආරාධනය අරක්කු සිගරට් කර්මාන්තයේ උගුලෙන් ගැලවී දැන්වත් නිදහසේ, සතුට භුක්තිවිඳිමට කෙරෙන ආරාධනයකි. එම තීරණය ගැනීමට විශේෂ දිනයක් අවශ්‍ය නැත. එහෙත් මේ මත් විරෝධී දිනය සිය තීරණය ඉහත සමාගම් වලට දැනුම් දීමට හොඳම දිනය කරගත හැකියි. ඔබ අරක්කු, බියර් හෝ සිගරට් භාවිතා කොට සමාගම වෙත පොම්ප කර යවන මුදලින් කොටසක් ඔබේ දරුවන්ද ඒ වෙනුවෙන් පුරුදු කරගැනීමට අවශ්‍ය පරිසරය ගොඩනාගීමට ඒ සමාගම් වියදම් කරන බව අවබෝධ කරගැනීමට කාලය එළඹ ඇත. රැුවුලත් කැඳත් දෙකම බේරුගත හැකියි. ඔබටත් ඔබේ අනාගතයටත් දෙකටම වැදගත් වන තීරණය පහසුවෙන්ම ගත හැකි මානයේ ඇත. ඔබේ භාවිතය වෙනස් කරගැනීමේ තීරණය ගැනීම අදම කරන්න. එය අනාගතය වෙනුවෙන් දැමු ස්ථාවර තැන්පතුවකටත් වඩා විශ්වාසනීය එකක් වනු ඇත.