23 Jan

අනේ අපෝයි ලැජ්ජා බය…

අපි අපේ වටපිටාවේ මිනිස්සුත් එක්ක ජීවත් වෙද්දී, ඒ ඒ අවස්ථාවේ කළ යුත්තේ මොනාද නොකළයුත්තේ මොනාද යන්න පිළිබඳ මනා අවබෝධයකින් වැඩ කිරීමට මේ ලැජ්ජාව හා බය යන දෙකම බලපාන බවයි මාගේ හැඟීම. මෙහෙම මෙච්චර ලැජ්ජාව හා බය ගන සැළකිලිමත් වෙන ජාතියක් ලෝකේ….

කොහේවත් නැතිව ඇති. මේ ලැජ්ජා බය ගැන හුරුව අපේ සංස්කෘතිය එක්ක මුසුවුනේ බෞද්ධ ඉගැන්වීමේ ආභාසයත් සමග විය හැකියි. එහි පවට ඇති ලැජ්ජාව මෙන්ම බය ගැන ද පැහැදිළිවම සඳහන් වේ.

දැන් දැන් ලැජ්ජාව බය කෙමෙන් අඩුවෙමින් පවතිනවාදැයි සිතෙන්නේ, රටේ ලෝකයේ වෙන දේවල් නිසායි. ගිය සතියේ සිදුවුණු මීට අදාල අත්දැකීමක් නිසා මේ —ලැජ්ජා බය˜ කතාව ලිවීමට සිතුවෙමි. මම සහභාගී වූ මංගල උත්සවයක අරක්කු, බියර් භාවිතයට අවැසි පහසුකම් සලසා තිබිණි. මේ භාවිතය රසවත් වෙන අයුරින් සියළු පහසුකම් සලසා තිබුණු අතර 50ක පමණ පිරිසක් මේසවල වට වී එය භුක්ති විඳින්නට වන්නේ ඇත්තටම කුමන හේ්තුවක් නිසාදැයි මටවත්, භාවිතයේ යෙදී සිටින ඔවුන්ටවත් හරි ආකාරයෙන් වැටහීමක් නැත. එක් මේසයක් දෙස නෙත් යොමාගෙන සිටි විට පෙනෙන්නට ඇත්තේ — මචං බීපන් ˜ කියන වැකිය නිතර උස් හඬ්න් එකිනෙකා නිතර කියන අයුරුයි. මේ මේසයේ පමණක් නොව අනෙක් මේසවල තත්වයද මීට සමානම වේ. පොදුවේ ගත්කල මේ සියළු කණ්ඩායම් වල අරක්කු බොන්න ඕන නැති එහෙත් මේ ගොඩේ ඉන්න වීම නිසා බොන්න වෙන පිරිසක් පැහැදිළිවම හඳුනාගැනීමට හැකි විය. එහි අනිත් පිරිස තමාගේ භාවිතයටත් වඩා අනිත් අය බොනවාද නැද්ද යන්න සොයාබලමින් වද වෙන පිරිසකි. ඉහත කී — මචං බීපන් ˜ යන වදන නිතර කියන්නේ ඒ පිරිසයි. මාගේ නිරීක්ෂණයේ හැටියට මේ ගොඩවල් දෙකෙන් වැඩි සාමාජිකත්වයක් සහිත ගොඩ වන්නේ බොන්න අවශ්‍ය නොවූවත් බොන්න වෙන පිරිසගෙන් සැදුම්ලත් පිරිසයි.

අනෙක් ගොඩ බැලු බැල්මටම කිහිප දෙනෙකි, එහෙත් කණ්ඩායමට කරන බලපෑම අතිමහත්ය. බොහෝ පිරිසකගේ මද්‍යසාර භාවිතයේ ප්‍රමාණය හෝ වාර ගණන මෙන්ම බොන එක නැවැත්වීම හා පවත්වා ගැනීමද තීරණය කරන්නේ ඒ සුළු පිරිසයි. බලය ඛෙදීයාමේ සාමාන්‍ය ස්වරූපයම සිහියට ගෙන එමින් අරක්කු භාවිතයේ යෙදී සිටින 7 දෙනාගෙන් දෙදෙනෙකු සියළු බලතල ගෙන පාවිච්චි කරමින්, අණ කරමින් මෙන්ම ඒකාධිපති ලෙස හැසිරෙනු ද දක්කට ලැබේ. ඔවුන්ගේ බලපෑමට නිරාවරණය වන වැඩි පිරිස අනේ අමාරුවෙන් අරක්කු උගුරෙන් උදරයට වත්කරගන්නේ සියළු දේ ගැන කළකිරීමෙන් යයි විටෙක සිතේ. උවමනාවෙන් හෝ නැතිව කොහොම මද්‍යසාරය උදරයට වත්කරගත්තත් ඔවුන්ගේ මුහුණෙන් හා ඉරියව් වලින් නම් පෙන්නුම් කරන්නේ එකම අපහසුවේ ලක්ෂණයි.
 
මට අනේ අපොයි ˜ කියලා හිතුනේ මේ සුළුතරයකට නතු වූ හා යට වූ බහුතරය දුටුවිටයි. මේ කණ්ඩායමේ බොහෝවිට තීරණ ගන්නට ඉඩ දී හා එහි අයිතිය ලබාගෙන ඇත්තේ මුල් කී දෙනා ඉහත කී කණ්ඩායමේ බලපෑම් කරන කීපදෙනා විසින් නිසා බොන්න ඕනම නැති වුනත් ඉන් ගැළවීමට නම් ඉඩ ප්‍රස්ථා නැත. මුහුණ ඇද කරගෙන, කරන කියන දේ වලට —එහෙයි˜ කියමින් බොහෝ සාමාජිකයන් පසුවන්නේ මර බියෙන් මෙන් චකිතයකින් යයි මට සිතේ. මන්ද කිසිවෙකු —මට බොන්න ඕන නෑ˜ කියා කෙළින්ම ප්‍රකාශ කරන්නේ නැත, හැමෝම එකිනෙකා පහසුවෙන් හා සැපෙන් භාවිතයේ යෙදෙනවා ඇති යයි සිතා සිටිනවා විය හැකිය. මම අරක්කු හෝ බියර් බීම ප්‍රතික්ෂේප කොට දැඩි තීරණයක් කණ්ඩායම ඉදිරියේ කිවහොත් මාව —බොන්න දන්නේ නැති එකෙක්˜ ලෙස ලේබල් වෙයි යන සිතුවිල්ල නිසා —අනේ තාමත් බොනවා තව ඉස්සරහටත් බොන්න වෙයි˜. මෙන්න මේක තමයි නූතන බය…. කෙළින් තීරණයක් ගන්න තමාට දැනෙන දේ පහසුවෙන් කොන්ද කෙලින් තියාගෙන කියන්න බැරි තරමට පණනැති වෙන්නේ ඇයි ? උත්තරය තමා සතුමයි. අරක්කු බොන තැනදී මා මාගේ සතුට ගැන තීරණ ගැනීමට වෙන අයට දෙන ඈලිමෑලි දුබලයෙකි.

මේ සේරම මෙහෙම වෙද්දී අවසන් ජවනිකාවට මේ පිරිස යොමුවේ. ඒ මද්‍යසාරයේ අද ලැබූ සමස්ථ අත්දැකීම සමාලෝචනය කිරීමයි. කොතරම් අපහසුවෙන් අමාරුවෙන් අරක්කු හෝ බියර් භාවිතා කළ අයෙක් වූවත් පවසන්නේ පුදුම දනවන සුළු ප්‍රතිචාරයන්ය. —මාර සැපයි, අද නම් මාර ආතල් එකක් ගත්තේ. කියලා වැඩක් නෑ˜ මෙහෙම කියන්න ඇත්තටම ලැජ්ජා වෙන්න ඕනෙ නේද? මොකද ඕන කෙනෙක්ට අවංකවම ඇඟට දැනෙන එක කියන්න තරම් හයියක් තියෙනවා නම් මෙච්චර පච කියන්නේ කොහොමද කියන එක ප්‍රශ්නයක්.
මේ උත්සවය ඉවර වෙනකොට මට හැමදාම වගේ හිතුනේ මෙච්චර අමාරුවෙන්, අපහසුවෙන් අරක්කු බීලා මාර සැපයි කියන අය හරි නම් ලැජ්ජා වෙන්න ඕන කියලයි. ඒ වගේම ගොඩක් අයට අරක්කු බොන්න වෙන්නේ කාට හරි බයට තමා. දැන්වත් පුරුදු වුනොත් ඇත්ත කියන්න කණ්ඩායමේ අරක්කු පොවන්න හදන කෙනාගෙන් බේරෙන්න පුළුවන් වෙයි.